ප්‍රධාන ධාරා­වන් 05ක් ඔස්සේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සංව­ර්ධනය කර­නවා-සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති

ජන­තා­වට ගුණා­ත්මක, ප්‍රශස්ත සහ විධි­මත් නිද­හස් සෞඛ්‍ය සේවා­වක් ලබා­දීම සඳහා ඉදිරි තෙව­සර තුළ ප්‍රධාන ධාරා­වන් 05ක් ඔස්සේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සංව­ර්ධන කරන බව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සීය.

මෙරට ප්‍රාථ­මික සෞඛ්‍ය සේවාව ශක්ති­මත් කිරීම, ද්විතීක හා තෘතී­යික අංශයේ සෞඛ්‍ය පද්ධ­තිය ශක්ති­මත් කිරීම, රට තුළ දේශීය ඖෂධ නිෂ්පා­ද­නය සහ ගුණා­ත්මක තත්ත්ව­යෙන් ඉහළ ඖෂධ අඛ­ණ්ඩව රෝහල් සහ සෞඛ්‍ය ආය­ත­න­ව­ලට සැප­යීම, මෙරට ජන­තා­වගේ පෝෂණ මට්ටම ඉහළ නැංවී­මට කට­යුතු කිරීම, සෞඛ්‍ය සංචා­රක ව්‍යාපා­රය දියුණු කිරීම යන ප්‍රධාන ධාරා­වන් 5 ඔස්සේ සෞඛ්‍ය සේවාව විශිෂ්ට මට්ට­ම­කට ඔසවා තැබී­මට සැල­සුම් සකස් කර ඇති බව ද ඇමැ­ති­ව­රයා කීවේය.

සෞඛ්‍ය ඇමැ­ති­ව­රයා මේ බව පැව­සුවේ ආයු­ර්වේද වෛද්‍ය සභා­වට පත් වූ සාමා­ජි­ක­යක්ට පත්වීම් ලිපි ප්‍රදා­නය කිරීමේ අව­ස්ථා­වට එක්වෙ­මිනි.

මහ­ර­ගම, නාවින්න ආයු­ර්වේද දෙපා­ර්ත­මේ­න්තුවේ පැවති මෙම උත්ස­ව­යේදී ආයු­ර්වේද වෛද්‍ය සභාවේ සභා­ප­ති­ව­රයා ඇතුළු සාමා­ජි­ක­යන් 23 දෙන­කුට පත්වීම් ලිපි ප්‍රදා­නය කෙරිණි.

මෙරට ජන­තා­වට සෞඛ්‍ය­ස­ම්පන්න ජීවි­ත­යක් ගත කිරීම සඳහා දැනට පව­තින ආයු­ර්වේද ක්ෂේත්‍රය සංව­ර්ධ­න­යට පිය­වර ගැනීම මෙන්ම බට­හිර, ආයු­ර්වේද, සිද්ධ, යුනානි, හෝමි­යෝ­පති, පාර­ම්ප­රික සහ දේශීය වෛද්‍ය ක්‍රම පිළි­බ­ඳ­වත්, පව­තින කාලීන ගැටලු පිළි­බ­ඳ­වත් මෙහිදී කරුණු විමසූ අමා­ත්‍ය­ව­රයා විස­ඳුම් ලබා දිය හැකි යැයි හඳු­නා­ගත් ගැටලු රාශි­ය­කට කඩි­නම් විස­දුම් ලබා­දී­මට එම අව­ස්ථා­වේ­දීම කට­යුතු කළේය.

ඉදිරි සැල­සුම් සකස් කිරීම සහ ගැටලු විස­ඳීම සඳහා ඉතා දීර්ඝ ලෙස වෛද්‍ය සභාවේ සාමා­ජි­ක­යන් සහ නිල­ධා­රීන් සමඟ සාකච්ඡා කර­මින් කරුණු එක්රැස් කර ගැනී­මට ද කට­යුතු කළේය. දේශීය වෛද්‍ය ක්‍රමය මනා ලෙස සංව­ර්ධ­නය කර­මින් අනා­ගත ඉල­ක්ක­ග­තව එම වෛද්‍ය ක්‍රම­යට ගම්‍ය වූ සුවි­ශේ­ෂතා හඳුනා ගනි­මින් එම සුවි­ශේ­ෂතා සංචා­රක ව්‍යාපා­රය හා බද්ධ කර සංචා­රක ක්ෂේත්‍රය දියුණු කිරීම ද රජයේ ප්‍රමු­ඛ­තම අර­මු­ණක් බව මෙහිදී සඳ­හන් කළ අමා­ත්‍ය­ව­රයා එයට සම­ගා­මීව සංචා­රක කලා­ප­යන්හි ස්ථාපිත බට­හිර සහ ආයු­ර්වේද රෝහල් පද්ධ­තියේ මානව හා භෞතික පහ­සු­කම් ද වර්ධ­නය කර නිසි ක්‍රම­වේ­ද­යක් ඇතිව විධි­මත් අයු­රින් සංව­ර්ධ­නය කිරී­මට ක්‍රියා කරන බව ද පැව­සීය.

මේ වන­විට බට­හිර වෛද්‍ය ක්‍රමය ක්‍රියා­ත්මක වන රජයේ රෝහල් 1164ක් ද, ආයු­ර්වේද අංශයේ රෝහල් 112ක් ද මෙරට නිද­හස් සෞඛ්‍ය සේවාව තුළ ක්‍රියා­ත්මක වන බව සිහි­පත් කළ අමා­ත්‍ය­ව­රයා, එම සෑම රෝහ­ලක් පිළි­බ­ඳ­වම අව­ධා­නය යොමු කර දියුණු මට්ට­මට ගෙන ඒම වත්මන් රජයේ සැල­සුම බව ද, මින් ඉදි­රි­යට කට­යුතු කිරී­මේදී එම සැල­සු­මෙන් බාහි­රව ඇමැ­ති­ව­ර­යාගේ හෝ පළාතේ දේශ­පා­ල­න­ඥ­යාගේ මනසේ පහළ වන මනෝ­රා­ජික සංකල්ප නිල­ධා­රීන් හෝ අමා­ත්‍යාං­ශය මඟින් ක්‍රියා­ත්මක නොකළ යුතු බව ද අව­ධා­ර­ණය කළේය.

ආයු­ර්වේද කොම­සා­රිස් ජන­රාල් වෛද්‍ය ධම්මික අබේ­වි­ක්‍රම මහතා ඇතුළු ආයු­ර්වේද වෛද්‍ය සභා­වට අලු­තින් පත්වූ සාමා­ජි­ක­යන්, ආයු­ර්වේද වෛද්‍ය­ව­රුන්, නිල­ධා­රීහු ඇතුළු පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.