කුසල් ජනිත් විස්සයි20 හොඳම පිති­ක­රු­වන් 10ට

ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලයේ නව­තම ශ්‍රේණි­ගත කිරීම් අනුව විස්සයි20 පිති­ක­රු­වන්ගේ පළමු 10 අත­රට පිවි­සී­මට ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් පෙරේරා සමත්ව තිබේ.

නව­සී­ල­න්ත­යට එරෙහි අව­සන් විස්සයි20 තර­ග­යේදී අගනා ශත­ක­යක් රැස් කර­මින් දැක්වූ දස්කම් හේතු­වෙන් ඔහු ස්ථාන 26කින් ඉදි­රි­යට පැමිණ තිබේ. ඔහු මේ වන විට ප්‍රසාද ලකුණු 675ක් ලබා සිටින අතර, පිති­ක­රු­වන් අතර ඉදි­රි­යෙන්ම සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩ­කයා වූ ආර­ම්භක පිති­කරු පැතුම් නිස්සංක (7) එක් ස්ථාන­යක් පහ­තට වැටී ඇත. ඔහුගේ ශ්‍රේණි­ගත ලකුණු සංඛ්‍යාව 715 සිට 707 දක්වා අඩුවී තිබේ. කුසල් මෙන්ඩිස් (12) සහ චරිත් අස­ලංක (39) ද ස්ථාන­යක් බැගින් පහත වැටී ඇත.

පන්දු යව­න්නන් අතරේ වනිඳු හස­රංග තෙවැනි තැනම සිටි­යදී මහීෂ් තීක්ෂණ ස්ථාන­යක් පහත වැටී තිබේ. නුවන් තුෂාර ස්ථාන 9ක් ඉදි­රි­යට පැමිණ 26 වැනි තැන සිටි­යදී මතීෂ පති­රණ (27) ස්ථාන­යක් පහ­තට වැටී තිබේ.

දකුණු අප්‍රි­කානු පිලේ නායක ටෙම්බා බවුමා සිය හොඳම ශ්‍රේණි­ගත කිරීම වාර්තා කර­මින් 6 වැනි ස්ථාන­යට පත්ව ඇත්තේ ස්ථාන 3ක් ඉදි­රි­යට යමිනි. පාකි­ස්තා­නයේ සවුද් සාකීල් 7 වැනි තැන සිට ස්ථාන 5ක් පහ­තට වැටී ඇති අතර, මේ සමඟ ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස්ට පිය­ව­රක් ඉහ­ළට ගොස් තිබේ. ඒ අනුව ඔහු 7 වැනි තැන පසු­වන්නේ ශ්‍රේණි­ගත ලකුණු 759ක් සම­ඟිනි. දිනේෂ් චන්දි­මාල් (14) සහ ධනං­ජය ද සිල්වා (15) ස්ථාන­යක් බැගින් පහ­ළට වැටෙද්දී, ප්‍රභාත් ජය­සූ­රිය පන්දු යව­න්නන් අතර 8 වැනි තැන සිටී.

ඉන්දීය පන්දු යව­න්නකු වාර්ත කළ හොඳම ශ්‍රේණි­ගත ලකුණු (908) සමඟ ටෙස්ට් පන්දු යව­න්නන් අතර පෙර­මුණ රැක ගැනී­මට ජස්ප්‍රීට් බුම්රා සමත්ව ඇත.

එක්දින ශ්‍රේණි­ගත කිරී­ම්වල පැතුම් නිස්සංක 10 වැනි තැනම සිටිද්දී චරිත් අස­ලංක (13) ස්ථාන 2ක්, කුසල් මෙන්ඩිස් ස්ථාන 4ක් පහ­තට වැටී ඇත. අවිශ්ක ප්‍රනාන්දු ස්ථාන 8ක් ඉදි­රි­යට එමින් 58 වැනි තැන සිටී. පන්දු යව­න්නන් අතර මහීෂ් තීක්ෂණ 7 වැනි තැනට පත්ව ඇති අතර, වනිඳු හස­රංග 21 වැනි තැනම සිටී.