CLEAN SRILANKA වට විරුද්ධ වන්නේ සමාජ පරි­ව­ර්ත­න­යට අකැ­මැති අයයි – අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය-විවාදය 21-22 දිනවල

සමස්ත සමා­ජ­යම ගැඹුරු පරි­ව­ර්ත­න­යකට ලක් කර රට ආර්ථික, පාරි­ස­රික, සමා­ජ­යීය වශ­යෙන් සාධ­නීය වෙන­සක් කරා ගෙන යෑම උදෙසා ආරම්භ කළ Clean Sri Lanka වැඩ­ස­ට­හ­නට විරුද්ධ වන්නේ සමාජ පරි­ව­ර්ත­න­යට අක­ැමැති පිරි­සක් බවත් එවැනි විරෝ­ධ­යන්ට ආණ්ඩුව කිසි අව­ස්ථා­වක යටත් නොවන බවත් අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (08) ප්‍රකාශ කළාය.

Clean Sri Lanka වැඩ­ස­ට­හන පිළි­බඳ ලබන 21 සහ 22 දෙදින විවා­ද­යක් පැවැ­ත්වෙන බවත් මේ වැඩ­ස­ට­හන ගැන ජන­තා­වට අව­බෝ­ධ­යක් ලබා­ගැ­නීම සඳහා විවා­දය පැවැ­ත්වෙන බවත් අග­මැ­ති­නිය පැව­සු­වාය. ඇතැම් ආය­තන Clean Sri Lanka වැඩ­ස­ට­හන මුල් කර ගනි­මින් යම් වැඩ­ස­ට­හන් සිදු කරනු ලබන්නේ එම වැඩ­ස­ට­හනේ මුඛ්‍ය අර­මුණ තේරුම් නොගෙන බවත් අග­මැ­ති­නිය සඳ­හන් කළාය.

ඇය මේ බව පැව­සුවේ පාර්ලි­මේන්තු මන්ත්‍රී අසිත නිරෝ­ෂණ මහතා විසින් නඟන ලද ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමිනි.  “මෙම සංක­ල්පය ක්‍රියා­ත්මක කර­ගෙන යෑමේදී යම් යම් අඩු­පාඩු සිදු­වෙන්න පුළු­වන්. මෙය බලෙන් ක්‍රියා­ත්මක කරන්න පුළු­වන් වැඩ­ස­ට­හ­නක් නෙවෙයි. මෙය අලුත් වැඩක්. නීති­යක් ගෙනත් මෙහෙම කරන්න කියන වැඩ­ස­ට­හ­නක් නෙවෙයි. අපි­ටත් මෙය අලුත් වැඩක්. අපිත් මෙය නිවැ­රදි කර­මින් යනවා. ජන­වාරි 21 සහ 22 යන දෙදින මේ සම්බ­න්ධ­යෙන් දින දෙකක් ලබා දෙනවා. රාජ්‍ය නිල­ධා­රීන් දේශ­පා­ලන අංශ මේ සම්බ­න්ධ­යෙන් තේරු­ම්ගෙන කට­යුතු කළ යුතුයි.

මේ සම්බ­න්ධ­යෙන් ඕනෑම අභි­යෝ­ග­ය­කට මුහුණ දීමට වත්මන් ආණ්ඩුව සූදා­නම්. ආණ්ඩුව නියෝ­ජ­නය කරන්නේ ජන­තාව බැවින් ජන­ව­රම අනුව කට­යුතු කර­නවා. යැයි ද අග­මැ­ති­නිය පැව­සු­වාය.

Clean Sri Lanka වැඩ­ස­ට­හන ආය­තන මට්ට­මින් සිදු කරන වෙන­සක් නොව සමාජ වෙන­සක්. සමාජ වෙන­සක් තුළ ජන­තා­වගේ පරි­ව­ර්ත­න­යක් සිදු­විය යුතුයි. මෙය දව­ස­කින්, පැය 24කින් සිදු වන දෙයක් නොව මෙය ක්‍රියා­ව­ලි­යක් යැයි ද ඇය වැඩි­දු­ර­ටත් කීවාය.