විග­ණන නිර්දේශ අනුව කඩි­න­මින් නීතිය ක්‍රියා­ත්මක කර­නවා-තරුණ කට­යුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණ­සේ­කර

ඉකුත් වස­ර­ව­ලදී විග­ණන අංශ­යෙන් ඉදි­රි­පත් කළ විග­ණන වාර්තා නිර්දේශ සඳහා නීත්‍ය­නු­කූල ක්‍රියා­මාර්ග ගැනීම ප්‍රමාද වීමට හේතු සොයා බලා එම කට­යුතු කඩි­නම් කරන බව තරුණ කට­යුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණ­සේ­කර මහතා පැවැ­සීය.

නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා මේ බව පැවැ­සුවේ ජාතික තරුණ සේවා සභාවේ අභ්‍ය­න්තර විග­ණන අංශය සමඟ මහ­ර­ගම තරුණ සේවා සභා­වේදී ඊයේ (08) පැවැති සාක­ච්ඡා­ව­කට එක් වෙමිනි.

යෞවන සමාජ සම්මේ­ල­නය සහ තරුණ සේවා සභාවේ විග­ණන වාර්තාව නිර්දේශ සමඟ කඩි­න­මින් දෙන ලෙස ද නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා විග­ණන අංශ­යට මෙහිදී දැනුම් දුන්නේය. විග­ණන අංශයේ පව­තින ගැටලු සහ දැනට සිදු වෙමින් පව­තින ක්‍රියා­ව­ලිය පිළි­බ­ඳව ද මෙහිදී නියෝජ්‍ය ඇමැ­ති­ව­ර­යාගේ අව­ධා­න­යට යොමු විය.

මේ අව­ස්ථා­වට ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩ­ලයේ සාමා­ජි­කයෝ සහ­භාගී වූහ.