මැණික් අප­න­ය­න­යෙන් මේ වසරේ ඉල­ක්කය ඩොලර් බිලි­යන 5ක්-මැණික් විද්‍යාඥ එස්. ඩී. බුත්පි­ටිය

මැණික් අප­න­ය­න­යෙන් මේ වසරේ මෙර­ටට ඩොලර් බිලි­ය­න­යක ආදා­ය­මක් ගැනීමේ ඉල­ක්ක­යක් තිබුණ ද එය ඩොලර් බිලි­යන 05 දක්වා වැඩි කර­ගැ­නී­මට හැකි වනු ඇති බව මැණික් විද්‍යාඥ එස්. ඩී. බුත්පි­ටිය මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවැ­සුවේ මෙරට මැණික් කර්මා­න්තයේ නියැළී සිටින මැණික් ගැනු­ම්ක­රු­වන්ට සහ විකු­ණු­ම්ක­රු­වන්ට හමු­විය හැකි හොඳම ස්ථාන­යක් නිර්මා­ණය කර­මින් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍ය­ස්ථා­න­යේදී පසු­ගිය 05 වැනිදා පැවැති මැණික් පොළ අම­ත­මිනි.

මැණික් ක්ෂේත්‍රයේ කුමන තරා­ති­ර­මක අය­කුට වුවද සහ­භාගි විය හැකි වන පරිදි මේ මැණික් පොළ සංවි­ධාන කොට තිබුණි.