ආණ්ඩුවේ Clean Sri Lanka වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී පොදු ප්‍රවාහන මාධ්‍ය වන බස් රථ සහ ත්‍රිරෝද රථවලට සවිකර තිබෙන අමතර අංගෝපාංග ඉවත් කිරීම ඉතා හොඳ දෙයක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
එහෙත් මෙම ක්‍රියාවලියට රටේ පොදු ප්‍රවාහන ප්රශ්නය විසඳිය නොහැකි බවත් පොදු ප්‍රවාහනයේ ගැඹුරු ප්‍රශ්න මීට හසු නොවන බවත් පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.
උමතු රෝගීන්ගේ තොරොම්බල් ඉවත් කර, කොණ්ඩ රැවුල් කපා, පිළිවෙළට ඇඳුම් අන්දා, තොරොම්බල් අයින් කිරීමෙන් ඔවුන්ගේ මානසික ව්‍යාධිය ඉවත් නොවන බව ද ඔහු කීය.
එක්සත් ජනරජ පෙරමුණ ඊයේ (08) සංවිධානය කළ මාධ්‍ය හමුවට එක්වෙමින් රණවක මහතා මේ බව සඳහන් කළේය.
“Clean Sri Lanka කියන්නේ, හුදු කසළ කළමනාකරණ ව්‍යාපෘතියක් නෙවෙයි. විශේෂයෙන්ම රටේ ප්‍රවාහන ක්ෂේත්රය, රටේ දූෂණ සහ අක්‍රමිකතා ක්ෂේත්‍ර මේ සියලු රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය ඇතුළත් මේ ක්‍රියාවලීන් සියල්ලම ඇතුළත් ව්‍යාපෘතියක් හැටියට තමයි මේ හඳුන්වලා දීලා ක්‍රියාත්මක වෙන්නේ” යනුවෙන්ද පාඨලී චම්පික රණවක මහතා පැවසීය.