වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවූවන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු සඳහා ‘සිරකරුවන්ගේ දරුවන්ගේ මිතුරෝ’ ආයතනයෙන් සංවිධාන කළ පාසල් උපකරණ, ත්‍යාග සහ බැංකු ගිණුම්පත් ප්රදානය කිරීමේ උත්සවයක් පසුගියදා (05) බස්නාහිර පළාතේ අණ්ඩුකාර හනීෆ් යුසුෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේදී පැවැත්විණි.
2024 අ.පො.ස. (සා/පොළ) සහ (උ/පෙළ) සඳහා විශිෂ්ට ප්‍රතිඵල ගත් දරුවන් 06 දෙනකුට ත්‍යාග සහ 2025 නව වසරේ පළමු ශ්‍රේණියට බඳවාගත් ළමයින් 15 දෙනකු සඳහා බැංකු ගිණුම්පත් ප්‍රදානයක් ද මෙහිදී සිදු කෙරිණි.
මේ අවස්ථාවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ, බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක, වැලිකඩ බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී ධම්මික දසනායක මහත්ම මහත්මීන් ද, යහපත් එෙඬ්රා නිකායේ ප්‍රාදේශීය ශ්‍රේෂ්ඨ මව්තුමිය, මේරිඈන් කන්‍යා සොයුරිය, සිරගතවූවන්ගේ දරුවන්ගේ මිතුරෝ සංවිධානයේ සභාපතිනි චමරි ප්‍රනාන්දු කන්‍යා සොයුරිය ඇතුළු රැඳවූවන්ගේ පවුලේ සමාජිකයෝ ද ‘සිරගතවූවන්ගේ දරුවන්ගේ මිතුරෝ’ ආයතනයේ සාමාජිකයෝද සහභාගි වූහ.