බංග්ලා­දේශ යොවුන් පිලට තෙවැනි තර­ගයේ ජය

ශ්‍රී ලංකා අවු­රුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම සමඟ පැවති තෙවැනි විස්සයි20 ක්‍රිකට් තර­ගය කඩුලු 4කින් ජය ගැනී­මට සංචා­රක අවු­රුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම සමත් විය.

කෙසේ වෙතත් තරග 4කින් සම­න්විත විස්සයි20 තර­ගා­ව­ලියේ මුල් තරග දෙක ජය ගැනීම හේතු­වෙන් තව­මත් ශ්‍රී ලංකාව 2-1කින් ඉදි­රි­යෙන් පසු වෙයි.

ඊයේ මග්ගොන සරේ ක්‍රීඩාං­ග­ණයේ පැවති තර­ගයේ කාසියේ වාසිය දිනා පළ­මුව පන්දු­වට පහර දුන් ශ්‍රී ලංකා පිල ලකුණු 109කින් නතර කළ බංග්ලා­දේශ ක්‍රීඩි­කාවෝ පන්දු 2ක් ඉති­රිව තිබි­යදී ජය තහ­වුරු කර ගත්තේ කඩුලු 6ක් පම­ණක් අහිමි කර ගනි­මිනි.

ඉනිමේ පළමු පන්දු දෙකෙන් කඩුලු 2ක් බිඳ දැමී­මට රශ්මික සෙව්වන්දි සමත් වුවත් සාර්ථක ආර­ම්භ­යක් දුන් ෆහො­මිඩා චොයා පන්දු 42කින් ලකුණු 38ක් රැස් කිරී­මට සමත් වූවාය. සාදියා ඉස්ලාම් ලකුණු 24ක් සහ සුම­යියා අක්ටර් ලකුණු 14ක් රැස් කළ අතර, අෆියා අෂිමා පන්දු 18කින් වේග­වත් ලකුණු 26ක් රැස් කර­මින් බංග්ලා­දේශ ජය තහ­වුරු කළාය. පන්දු යැවී­මේදී රශ්මිකා සමඟ ශෂිනි ගිම්හානි කඩුලු 2 බැගින් දවා­ගත් අතර, චමෝදි ප්‍රබෝධා කඩු­ල්ලක් දවා ගත්තාය.

දහමි සෙනෙත්මා සහ හිරුණි හංසිකා ලකුණු 24ක් බැගින් රැස් කර­මින් පළ­මුව පන්දු­වට පහර දුන් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකු­ණු­ලා­භි­නි­යන් වූහ. පන්දු යැවී­මේදී අනිසා අක්ටර් කඩුලු 2ක් දවා ගත්තාය.

දෙපිල අතර සිව්වැනි සහ අවසන් විස්සයි20 තරගය අද (9) බිආර්සී ක??????????????????????.

්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා පිල – 109/6 (ඕවර 20) දහමි සෙනෙත්මා 24, හිරුණි හංසිකා නොදැවී 24, මනුදි නානා­ය­ක්කාර 16, ශෂිනි ගිම්හානි 14 (අනිෂා අක්ටර් 17/2)

බංග්ලා­දේශ 19න් පහළ කාන්තා පිල – 113/6 (ඕවර 19.2) ෆහො­මිඩා චොයා 38, අෆියා අෂිමා නොදැවී 26, සාදියා ඉස්ලාම් 24, සුම­යියා අක්ටර් ලකුණු 14 (රශ්මිකා සෙව්වන්දි 17/2, ශෂිනි ගිම්හානි 22/2)