පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවයි

මගී බස් රථ­වල සවිකර ඇති අනා­ර­ක්ෂිත උපාංග ඉවත් කිරී­මට පොලී­සිය දියත් කර ඇති මෙහෙ­යුම් හේතු­වෙන් ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කිරී­මට සැල­සුම් කර තිබූ පෞද්ග­ලික බස් වර්ජ­නය, බස් රථ හිමි­යන්ගේ සංගම් මඟින් වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා සමඟ පැවති සාක­ච්ඡා­වෙන් අන­තු­රුව අත්හි­ටු­වනු ලැබීය.

මගී ආර­ක්ෂා­වට තර්ජ­නය වන අයු­රින් බස් රථ­වල සවි කර තිබූ අන­වශ්‍ය කොටස් ඉවත් කිරී­මට දුන් සහන කාලය මාස තුනක් දක්වා දීර්ඝ කිරී­මට එම සාක­ච්ඡා­වේදී එකඟ වූ බව ලංකා බස් හිමි­යන්ගේ සංග­මයේ සභා­පති ගැමුණු විජේ­රත්න මහතා පැව­සීය. මෙහිදී බස් රථ හිමි­ක­රු­වන් විසින් සිය සේව­ක­යන් මේ නිසා මුහු­ණ­දෙන ගැටලු හා අප­හ­සු­තා­වන් පිළි­බඳ මෙහිදී සාකච්ඡා කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී බුද්ධික මන­තුංග මහතා පැව­සීය. මාර්ග විනය පව­ත්වා­ගෙන යෑමට සිදු කරන මෙම මෙහෙ­යුම් හේතු­වෙන් මාරක රිය අන­තුරු මෙන්ම රිය අන­තුරු අඩු වී ඇති බව සංඛ්‍යා­ලේ­ඛන ආශ්‍රි­තව වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා පෙන්වා දුන් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා පැව­සීය. බස් රථ­වල සවි කර ඇති අලං­ක­රණ උපාංග ඉවත් කර ගැනී­මට හෝ ඒවා නීත්‍ය­නු­කූල කර ගැනී­මට මාස තුනක කාල­යක් ලබා­දෙන ලෙස බස් රථ සංගම් නියෝ­ජි­ත­යන් විසින් ඉල්ලී­මක් කළ බව ද බුද්ධික මන­තුංග මහතා පැව­සීය.

මගී ආර­ක්ෂා­වට තර්ජ­නය වන අයු­රින් බස් රථ­වල සවි කර ඇති අන­වශ්‍ය කොටස් ඉවත් කිරී­මට දුන් සහන කාලය මාස 03ක් දක්වා දීර්ඝ කිරී­මට එහිදී එක­ඟ­තාව පළ වූ බවත් මාරා­න්තික වන සවි­ක­ර­ලී­ම්ව­ලට තමන්ගේ එක­ඟ­තා­වක් නැති බවත් බස් සංගම් වැඩ­බ­ලන පොලි­ස්පති සමඟ සාක­ච්ඡා­වෙන් පසු පැවති මාධ්‍ය හමු­වේදී සඳ­හන් කළේය.

මෙවැනි සවි කිරීමේ හේතු­වෙන් වන මාරා­න්තික අන­තු­ර­කදී තමන්ට රක්ෂණ ආව­ර­ණය පවා ගැනී­මට නොහැකි බව බස් රථ සංගම් නියෝ­ජි­ත­යන් මෙම මාධ්‍ය හමු­වේදී සඳ­හන් කළේය. මාර­න්තික අන­තුරු සිදු­වන කොටස් ගැල­විය යුතු බව තමන්ද පිළි­ගන්නා බව ද එම නියෝ­ජි­ත­යන් එහිදී පවසා තිබේ. තමන්ගේ ආර­ක්ෂාව ඇත්තේ පොලී­සිය මහ­මඟ රැඳී සිටි­ය­හොත් බව ද මෙහිදී බස් රථ  හිමි­ක­රු­වන්ගේ සංගම් නියෝ­ජි­තයෝ සඳ­හන් කළහ.

බස් රථ­වල සවි කර ඇති ස්ටිකර් නොගැ­ල­වීම, බස් රථ ධාව­නය වන අව­ස්ථා­ව­ලදී මගීන් සමඟ බස් රථ නතර කිරීම සීමා කිරී­මට මෙන්ම එම අවස්ථා මාධ්‍ය ඉදි­රියේ සිදු කර­මින් බස් රථ කර්මා­න්ත­යට හා බස් මගීන්ට අප­හ­සු­තා­වක් ඇති නොවන පරිදි ක්‍රියා කිරී­මට පොලී­සිය මෙහිදී එකඟ වූ බව ද බස් සංගම් නියෝ­ජි­තයෝ මෙහිදී පවසා සිටි­යහ.