ජ’පුර සර­ස­වියේ මානව ශාස්ත්‍ර හා සමා­ජීය විද්‍යා පීඨ­යට නවක සිසුන්

ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ මානව ශාස්ත්‍ර හා සමා­ජීය විද්‍යා පීඨ­යට තේරී­පත්ව සිටින නවක සිසුන් පිළි­ගැ­නීමේ උත්ස­ව­යක් පසු­ගි­යදා පැවැ­ත්විණි.

2023 අ.පො.ස. (උසස් පෙළ) විභා­ග­යෙන් ඉහ­ළම ලකුණු ගත් සිසුන් 1164ක පිරි­සක් මෙවර ජය­ව­ර්ධ­න­පුර මානව ශාස්ත්‍ර හා සමා­ජීය විද්‍යා පීඨ­යට තේරී පත්වී ඇත.

විශ්ව­වි­ද්‍යා­ලය හා පීඨය පිළි­බ­ඳව සිසුන් දැනු­ම්වත් කිරීමේ අර­මු­ණින් සංවි­ධාන කළ මේ උත්ස­වය උප­කු­ල­පති, ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය පත්ම­ලාල් එම්.

උප­කු­ල­පති, ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය පත්ම­ලාල් එම්. මානගේ මහතා නවක සිසුන් අමතමින්

උප­කු­ල­පති, ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය පත්ම­ලාල් එම්. මානගේ මහතා නවක සිසුන් අමතමින්

මානගේ, මානව ශාස්ත්‍ර හා සමා­ජීය විද්‍යා පීඨයේ පීඨා­ධි­පති ශිරන්ත හීන්කෙන්ද මහ­ත්ව­රුන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැ­ත්විණි.

එහිදී අද­හස් දැක්වූ උප­කු­ල­පති, ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය පත්ම­ලාල් එම්. මානගේ මහතා මෙලෙස පැවැ­සීය.

“මෙරට විශ්ව­වි­ද්‍යාල අත­රින් වර්ත­මා­නය වන විට දැඩි තර­ග­කා­රී­ත්ව­යක් සහි­තව ජාත්‍ය­න්තර ප්‍රව­ණතා සමඟ සමා­නු­පාත වෙමින් නව දැක්ම­කින් කට­යුතු කරන පීඨ­යක විද්‍යා­ර්ථින් වීමට හැකි වීම නවක සිසුන් ලැබූ භාග්‍ය­යක්.”

පීඨා­ධි­පති, මහා­චාර්ය ශිරන්ත හීන්කෙන්ද මහතා,

“මේ අධ්‍ය­යන වර්ෂය සඳහා මෙරට සමස්ත විශ්ව­වි­ද්‍යාල පද්ධ­තියේ කලා පීඨ අත­රින් ප්‍රථ­ම­යෙන්ම අධ්‍ය­යන කට­යුතු ඇරඹි පීඨය බවට පත් වීම අඩ­ම්බ­ර­යට කරු­ණක්. එවැනි පීඨ­ය­කට ඇතු­ළත් වීමට ලැබීම නවක විද්‍යා­ර්ථින්ට හිමි වූ සුවි­ශේෂ අව­ස්ථා­වක්.”