චීන ‍ෛවර­සයට බය වෙන්න එපා-වයි­රස් රෝග විශේ­ෂඥ වෛද්‍ය ජූඩ් ජය­මහ

චීනයේ ව්‍යාප්ත වන එච්.එම්.පී.වී. වෛ­ර­සය ශ්‍රී ලංකාව තුළ ඇතැම් අව­ස්ථා­ව­ලදී හඳු­නා­ගත් වයි­රස් රෝගී තත්ත්ව­යක් බව වෛද්‍ය පර්යේ­ෂණ ආය­ත­නයේ වෛ­රස් රෝග විශේ­ෂඥ වෛද්‍ය ජූඩ් ජය­මහ මහතා පැව­සීය.

එම වෛ­ර­සය සම්බ­න්ධ­යෙන් අනි­යත බියක් ඇති කර නොගත යුතු බවත් සාමාන්‍ය කැස්ස, සෙම්ප්‍ර­ති­ශ්‍යාව, මඳ උණ ගතිය අදාළ වෛර­සයේ රෝග ලක්ෂණ බවත් ඒ මහතා පැව­සු­වේය.   ශ්‍රී ලංකා වෛද්‍ය සංග­මයේ පැවති මාධ්‍ය හමු­වට එක්වෙ­මින් ඒ මහතා මේ බව පෙරේදා (07) ප්‍රකාශ කළේය.

විවිධ නිද­න්ගත රෝග සහිත පුද්ග­ල­යින්ට මෙම වයි­ර­සය ආසා­ද­නය වුව­හොත් හුස්ම ගැනීමේ අප­හ­සු­තා­ව­කට පත්ව නියු­මෝ­නි­යාව තත්ත්ව­යට පත්විය හැකි බවත් එය කලා­තු­ර­කින් සිදු වන සිද්ධි­යක් බවත් ඒ මහතා පැව­සු­වේය.

සෙනඟ ගැව­සෙන ස්ථාන­ව­ලට යාමෙන් වැළ­කීම, මුව ආව­රණ පැල­ඳීම යනාදි ආර­ක්ෂිත ක්‍රම­වේද අනු­ග­ම­නය කිරී­මෙන් මෙම වෛර­සයේ ව්‍යාප්තිය වළක්වා ගත හැකි බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.