‘ක්ලීන් ශ්‍රී ලංකා’

සුභා­ෂිණී සේනා­නා­යක   

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ­ස­ට­හ­නට සම­ගා­මීව දුම්රිය ස්ථාන පිරි­සුදු කිරීමේ කට­යුතු පෙරේදා (07) ආරම්භ කෙරිණි.

කොටුව දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනි­මින් ප්‍රධාන වැඩ­ස­ට­හන ඊයේ (08) පෙර­ව­රුවේ ප්‍රවා­හන මහා­මාර්ග වරාය හා සිවිල් ගුව­න්සේවා අමා­ත්‍යාං­ශයේ ලේකම් කපිල සී. පෙරේරා මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ආරම්භ විය.

දිව­යින පුරා තවත් දුම්රිය ස්ථාන 100ක් ආශ්‍රි­තව ද මේ වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක බව දුම්රිය සාමා­න්‍යා­ධි­කාරි ධම්මික ජය­සු­න්දර මහතා පැවැ­සීය.

දුම්රිය අංගණ, වේදිකා සහ දුම්රිය මැදිරි පවිත්‍ර කිරීම ද වැසි­කිළි පද්ධති වැඩි­දි­යුණු කිරීම ද ඊට සම­ගා­මීව සිදු කෙරෙන බව දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව පැවැ­සීය.

ඒ සඳහා දෙපා­ර්ත­මේන්තු සාමා­ජි­ක­යන්, ස්වේච්ඡා සංවි­ධාන නියෝ­ජි­ත­යන් ඇතුළු පිරි­සක් සහ­භාගි වෙති.

ඡායා­රූ­පය – සුදත් නිශාන්ත  


මහජන ආර­ක්ෂක අමා­ත්‍යාංශය

රක්ෂණ ශ්‍රියන්ත  

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කළ යුතු ආකා­රය පිළි­බ­ඳව මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු අමා­ත්‍යාං­ශය හා ඒ යටතේ පව­තින දෙපා­ර්ත­මේ­න්තු­වල නිල­ධා­රින් දැනු­ම්වත් කිරීමේ වැඩ­ස­ට­හ­නක් පෙරේදා (07) මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු අමා­ත්‍යාංශ ප්‍රධාන ශ්‍රව­ණා­ගා­ර­යේදී පැවැ­ත්විණි.

මේ දැනු­ම්වත් කිරීම ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ අති­රේක ලේකම් ජී. එම්. ඩී. ආර්. අපෝන්සු මහතා විසින් සිදු කරන ලදි.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කිරී­මේදී මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු අමා­ත්‍යාං­ශය සහ එම අමා­ත්‍යාං­ශය යටතේ පව­තින දෙපා­ර්ත­මේ­න්තු­වල වග­කීම ඒ මහතා විසින් පැහැ­දිලි කරන ලදි.

මේ අව­ස්ථා­වට මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු අමා­ත්‍යාං­ශය, ශ්‍රී ලංකා පොලිස් දෙපා­ර්ත­මේ­න්තුව, ආග­මන හා විග­මන දෙපා­ර්ත­මේ­න්තුව, අන්ත­රා­ය­කර ඖෂධ පාලක ජාතික මණ්ඩ­ලය, රාජ්‍ය නොවන සංවි­ධාන පිළි­බඳ ජාතික ලේකම් කාර්යා­ලය, ජාතික පොලිස් අභ්‍යාස ආය­ත­නය සහ පොලිස් විශේෂ කාර්ය බළ­කාය යන ආය­ත­න­වල ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීහු සහ­භාගි වූහ.