ඔස්ට්‍රේලියාවේදී නිමාව දුටු බෝඩර් – ගවස්කාර් කුසලාන තරගාවලියේදී විරාත් කෝලි රැස්කළ එක ලකුණක් ඉන්දීය රුපියල් 25465ක (ශ්‍රී ලංකා රුපියල් 88106ක්) වටිනාකමකින් යුක්ත බවට එරට මාධ්‍ය හා නරඹන්නන් ගණන් හැදීමට පටන්ගෙන තිබේ. ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරග 5කින් යුත් තරගාවලියේදී කෝලි ඉනිම 9කදී ලකුණු 190කට සීමා වූ හෙයින් පිතිකරණ දස්කම් අවමවී තරගාවලිය පරාජයට පත් විය. විරාත් කෝලිට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීම සඳහා ඉන්දීය ක්‍රිකට් ආයතනය ඉන්දීය රුපියල් ලක්ෂ 15ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 52ක්) ලබාදෙන හෙයින් ටෙස්ට් තරග පහක් ක්‍රීඩා කිරීම සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 75ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 2.6ක්) හිමිවිය. නමුත් සිව්වන ටෙස්ට් තරගයේදී විරාත් සෑම් කොන්ස්ටස් සමඟ සුළු ගැටුමක් ඇති කර ගැනීම හේතුවෙන් ඔහුට තරග ගාස්තුවෙන් 20% ක දඩයක් නියම කළ අතර, එයින් රුපියල් ලක්ෂ 3ක් අඩුවී කෝලිගේ ගිණුමට ඉන්දීය රුපියල් ලක්ෂ 72ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 2.5ක්) බැරවිය.
නමුත් ඉන්දීය රජයේ ආදායම් බදු නීතියට අනුව රුපියල් ලක්ෂ 15ට වැඩි ආදායමක් සඳහා 30% බද්දක් ද අය කෙරෙන අතර, එයට අමතරව ඉන්දියානු රජය 4% ක අතිරේක සෞඛ්‍ය සහ අධ්‍යාපන සෙස් බද්දක්ද පනවයි. එම සියලු බදු අඩුකොට කෝලිගේ එක ලකුණක වටිනාකම තක්සේරු කොට තිබේ.
විරාත් ශතකයක් රැස් කිරීමෙන් පසු දිගින් දිගටම අසාර්ථක වූ අතර, ඉනිම් 9දී අට වතාවක් කඩුලු රකින්නා අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.