උතුරු මැද පළාතේ පාසල්වල තුන් වැනි වාර පරීක්ෂණයේ 6 සහ 7 ශ්‍රේණිවල භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර, විභාගය පැවැත්වීමට පෙර අන්සතු කර, බාහිර සමාජයට මුදා හැරීමේ චෝදනාව මත වරද පිළිගත් ගුරුවරියගේ වැඩ තහනම් කළ බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි. අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් ඇලයාපත්තුව ප්‍රදේශයේ පාසලක සේවය කළ එම ගුරුවරිය ජනවාරි 7 වැනි දින පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් වැඩ තහනමට ලක් කරනු ලැබීය. මූලික විමර්ශනයකට යටත්ව රාජකාරියෙන් ඉවත් කර මෙම ගුරුවරියගේ වැඩ තහනම් කළ බව, උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්යක්ෂ එස්.එම්.ඩබ්ලිව්. සමරකෝන් මහතා පැවසීය.