නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා, ඊයේ (08) කොළඹ නෙළුම් කුළුණේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
අමාත්‍යවරයා සමඟ අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා සහ අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල සභාපතිවරුන් සහ අධ්යක්ෂ ජනරාල්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ විශේෂ රැස්වීමක් ද එම පරිශ්‍රයේ දී කැඳවා තිබිණි.
කොළඹ නෙළුම් කුළුණේ ප්‍රධාන විධායක නිලධාරී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඒ.චමරු ද අල්විස් මහතා ද මෙම සාකච්ඡාවට සහභාගි විය.