ඉන්දියාවේ අසෑම් ප්‍රාන්තයේ ගල් අඟුරු පතලක දින දෙකක් පුරා සිරවී සිටින කම්කරුවන් මුදා ගැනීමට එරට ආරක්ෂක හමුදා ඒකාබද්ධව සිදු කළ මෙහෙයුම් අසාර්ථක වන ලකුණු පෙන්නුම් කරමින් පැය 48කට පසු එක් මළසිරුරක් ගොඩගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තවත් මළ සිරුරු 3ක් ජලයේ පාවෙමින් තිබෙන බව ආරක්ෂ අංශ ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.
පතලේ කැණීම් කටයුතු සිදු කරමින් තිබියදී ජලය පිරීම හේතුවෙන් එම කම්කරුවන් පතලේ සිරවී ඇති බවත්, ඇතැම් තොරතුරුවලට අනුව කම්කරුවන් 10-12ක් අතර ප්‍රමාණයක් පතලෙහි සිරවී සිටින බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
නීතිවිරෝධීව සිදු කරන එවැනි පතල් ඉතා පටු බැවින් මළසිරුරු ගොඩ ගැනීම හෝ කම්කරුවන් මුදා ගැනීම දුෂ්කර වී ඇති අතර, ගැඹුරු මුහුදේ කිමිදුම් සිදු කරන ඉන්දීය නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් විසින් සෙසු මළසිරුරු ගොඩ ගැනීම සඳහා උත්සාහයක නිතරව සිටින බව ද වාර්තා වේ. එම පතල අඩි 200කට වඩා ගැඹුරු බවත්, ඉතා අනාරක්ෂිතව මෙවැනි නීතිවිරෝධී පතල් කැණීම් 2014 වසරේ සිට ඉන්දීය රජයෙන් තහනම් කරනු ලැබූ බවත් වැඩිදුරටත් වාර්තා වේ.