අමෙරිකානු රජය විසින් ළමා සෙබළුන් සඳහා අනුබල දෙන බවට රටවල් 17ක් ලැයිස්තුගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ළමා සෙබළුන් බඳවා ගැනීම ජාත්‍යන්තර මිනිස් ජාවාරමට සම්බන්ධ තවත් එක් ක්‍රියාවලියක් බවට අනාවරණය වී ඇති අතර, පසුගිය වසරේදී නිකුත් කර ඇති මිනිස් ජාවාරම් වාර්තාව පදනම් කරගනිමින් එම රටවල් නම් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ඇෆ්ගනිස්තානය, මියන්මාරය, කැමරොන්, මධ්‍යම අප්‍රිකානු ජනරජය, කොංගෝ ජනරජය, ඉරානය, ලිබියාව, මාලි දූපත් රාජ්‍යය, රුසියාව, රුවන්ඩාව, සෝමාලියාව, දකුණු සුඩානය, සුඩානය, සිරියාව, තුර්කිය, වෙනිසියුලාව සහ යේමනය එම ලැයිස්තුවට ඇතුළත් රටවල් බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
වාර්ෂිකව එම ලැයිස්තුව නිකුත් කරනු ලබන්නේ අමෙරිකාවේ ළමා සෙබළුන් වැළැක්වීමේ පනතේ අවශ්‍යතාව අනුව බවත්, විදෙස් රටවල රජයේ හමුදා, පොලීසිය හෝ වෙනත් ආරක්ෂක හමුදා මෙන්ම රජයේ අනුග්‍රහය ලබන ආයුධ සන්නද්ධ කණ්ඩායම් සඳහා ළමා සෙබළුන් බඳවා ගැනීම සම්බන්ධව ජාත්‍යන්තර සංවිධාන හා එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් විසින් ලබාදෙන සංඛ්‍යාලේඛන හා දත්තවලට අනුව එම ලැයිස්තුව සකස් වන බවත් වාර්තා වේ.