උතුරු මැද ප්‍රශ්න පත්‍ර පිට කළ ගුරු­ව­රි­යගේ වැඩ තහ­නම්

උතුරු මැද පළාතේ පාසල්වල තුන් වැනි වාර පරී­ක්ෂ­ණයේ 6 සහ 7 ශ්‍රේණි­වල භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍ර සහ පිළි­තුරු පත්‍ර, විභා­ගය පැවැ­ත්වී­මට පෙර අන්සතු කර, බාහිර සමා­ජ­යට මුදා හැරීමේ චෝද­නාව මත වරද පිළි­ගත් ගුරු­ව­රි­යගේ වැඩ තහ­නම් කළ බව උතුරු මැද පළාත් අධ්‍යා­පන දෙපා­ර්ත­මේ­න්තුව පව­සයි. අනු­රා­ධ­පුර අධ්‍යා­පන කලා­ප­යට අයත් ඇල­යා­ප­ත්තුව ප්‍රදේ­ශයේ පාස­ලක සේවය කළ එම ගුරු­ව­රිය ජන­වාරි 7 වැනි දින පළාත් අධ්‍යා­පන බල­ධා­රීන් විසින් වැඩ තහ­න­මට ලක් කරනු ලැබීය. මූලික විම­ර්ශ­න­ය­කට යටත්ව රාජ­කා­රි­යෙන් ඉවත් කර මෙම ගුරු­ව­රි­යගේ වැඩ තහ­නම් කළ බව, උතුරු මැද පළාත් අධ්‍යා­පන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්ලිව්. සම­ර­කෝන් මහතා පැව­සීය.