ව්‍යාජ වෛද්‍යවරුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) පැවසීය.
නීති විරෝධී වෛද්‍යවරුන් වැටලීම සිදු කළ යුතු බවට සමඟි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය
නීත්‍යනුකූලව ලියාපදිංචියක් නොමැතිව වෛද්‍ය නාමය යොදා ගනිමින් සිටින වෛද්‍යවරුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාවට නංවනවා. එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු පවතින්නේ නම් ඒ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට හෝ වෙනත් අදාළ ආයතන වෙත මහජනතාවට දැනුම් දිය හැකියි. ව්‍යාජ වෛද්‍යවරුන් 40,000ක් පමණ සිටින බවට සමාජය තුළ මතයක් පවතිනවා. එවැනි සංඛ්‍යාවක් සිටිතැයි මා පෞද්ගලිකව විශ්වාස තරන්නේ නෑ. කෙසේ වෙතත් නීති විරෝධී වෛද්‍යවරුන් යම් සංඛ්‍යාවක් රට තුළ සිටිනවා. රට තුළ වෛද්‍ය ක්‍රම කිහිපයක් ක්‍රියාත්මක වන අතර එම වෛද්‍යවරු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි විය යුතු බවත් ලියාපදිංචි වීමේදී ඇතැම් වෛද්‍ය සභාවල ප්‍රශ්න පවතින අතර ලියාපදිංචි වූ වෛද්‍ය ක්‍රමයට පරිබාහිර වෛද්‍ය ක්‍රම භාවිත කිරීමක් සිදු වෙනවා.