මෝදි, මේ වසරේ ශ්‍රී ලංකාවට – ඉන්දීය තානාපති

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මේ වසරේදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

ඊයේ (07) පස්වරුවේදී මාධ්‍යවේදීන් සමග කොළඹ පැවති හමුවකදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා මේ බව පැවසීය.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස මෙරට ජනපති අනුර කුමාර දිසානායක මහතා, පසුගිය දෙසැම්බර් මස ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූ අවස්ථාවේදී සිදුකළ ආරාධනයක් මෝදි මහතා විසින් පිළිගෙන ඇති බවත්, මෙම සංචාරය සඳහා සුදුසු කාල වකවානුවක් යොදාගැනීමට කටයුතු කරමින් සිටින බවත් ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙහිදී කියා සිටියේය.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති සම්බන්ධය හරහා ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථායීකරණ ප්‍රයත්නයන් සඳහා ඉන්දියාව දිගින් දිගටම සම්බන්ධ වන බව පැවසූ ජා මහතා, ශ්‍රී ලංකාවට ලබා දුන් ණය, ප්‍රදානයන් බවට පත් කිරීම පිළිබඳවද විස්තර කළේය.

ඔහු පැවසුවේ ඉන්දියාව විසින් ණය වශයෙන් ලංකාවට ලබාදී ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 100කට වැඩි මුදලක් ප්‍රදානයන් බවට හරවා ඇති බවයි.