ඩී.වී. චානක මන්ත්‍රීවරයා මහා වංචාවක් ගැන කරුණු ඉදිරිපත් කළා. ඒ ගැන පැහැදිලි කළ යුතුයි. නැත්නම් ජනතාව නොමඟ යැවීම මෙමඟින් සිදු කරනවා. රතු සහල් ප්‍රශ්නයට මූලික හේතුව වන්නේ කලින් සිටි ජනාධිපතිවරයා රතු හාල් කිලෝ 20 ගණනේ මැතිවරණ කාලයේ බෙදා හැරියා. රතු සහල් පරිභෝජනයට නොගන්නා ප්‍රදේශවලට පවා රතු සහල් බෙදා දුන්නා. සහල් මෝල්වලට රුපියල් 20 ක මුදලක් වැඩිපුර ලබාදී රතු සහල් මිලදී ගෙන මැතිවරණ කාලයේ මේ බෙදා හැරීම සිදු කරමින් රතු සහල් හිඟයක් ඇති කළා. අද වන විට වෙළෙඳපොළට සහල් සැපයීම සඳහා ආණ්ඩුවක් විදියට අපි මැදිහත් වුණා. සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් ආනයනයට ආණ්ඩුව තීරණය කළා. සතොස සහ එස්.ටී.සී. හරහා එය සිදු වෙනවා. සතොසේ ටෙන්ඩරයක් ප්රත්ක්ෂේප වන විදියට දැම්මා කියලා චානක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. ටෙන්ඩර් 4 ක් දැම්මා. බොරු කියන්න එපා මේවා ගැන.
රතු සහල් හිඟයට හේතු වී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණය සමයේ දී ආණ්ඩු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා රතු සහල් කිලෝ 20 බැඟින් ජනතාවට බෙදා දීම බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) පැවසීය.
දකුණේ ජනතාවට කෑමට රතු සහල් නොමැති බවත් සහල් මාෆියාවක් වත්මන් ආණ්ඩුව යටතේ ක්‍රියාත්මකව ඇති බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා කළ චෝදනාවට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
ඇමැතිවරයා මෙසේද පැවසීය.
රතු සහල් පරිභෝජනය නොකරන ප්‍රදේශවල ජනතාවට පවා රතු සහල් බෙදා දුන්නේ දකුණේ මෝල්වලින් රුපියල් 20ක් වැඩියෙන් ගෙවා රතු සහල් මිලදී ගැනීමෙන්. ඒ අනුව දකුණේ ජනතාවට රතු සහල් හිඟයක් මේ කාලයේ පවතිනවා.
ඩී.වී. චානක මන්ත්‍රීවරයා –
පාලන මිලට සහල් ලබාදෙන වගකීම ඇමැතිවරයා සතු වෙනවා. ආනයනය සහල්වල පාලන මිල රුපියල් 220 යි. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ අන්තිම සතියේ සහල් අලෙවි කර තිබෙන්නේ රුපියල් 242 කට කියලා. ඊට කලින් සතියේ රුපියල් 240 යි. ඒ නිසා තමයි මම කීවේ රුපියල් කෝටි 187 ක අසීමිත ලාබයක් උපයා තිබෙනවා කියලා. ඒකට වගකිව යුත්තේ වෙළෙඳ ඇමැතිවරයා.
ඇමැති වසන්ත සමරසිංහ මහතා-
කැකුළු රුපියල් 207 යි. නාඩු රුපියල් 213 යි. සතොස හරහා සහල් මිලදී ගන්න පුළුවන්. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වැරදි තොරතුරු සමාජගත කරනවා නම් ඒ සඳහා ක්‍රියාමාර්ග ගත යුතුයි. සතොස, සමූපකාර ජාලය සහල් බෙදා හැරීමේ කටයුතු කරනවා. සහල් මෙට්‍රික් ටොන් 106,000 ක් ගෙනාවා.