ස්ථාවර රටක් ඇති කරන බව සඳහන් කරමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුවට ජනතාව ලබාදුන් ජනවරම මහපොළොව සමතලා කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේ 2024 වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ විවාදයේදී ඊයේ (07) අදහස් දක්වමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.
ජනතාව වත්මන් ආණ්ඩුවට විශාල ජනවරම දුන්නේ තිබුණු අයි.එම්.එෆ්. ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ද කියා ප්‍රශ්න කරනවා.
මේ තරම් ජනතාවාදී ජනහිතකාමී පොදුජනතාවාදී ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වුවත් වැඩි කළ පොහොර සහනාධාරය තවම ලැබී නැහැ. දළ වශයෙන් අප රටේ තවමත් අඩකට වැඩි ප්‍රමාණයකට මේ සහනාධාරය ලැබී නැහැ. ගොවිතැන් කටයුතු බොහෝ දුරට අවසන් වුවත් තවමත් සහනාධාර ලැබී නැහැ.
මෙරට ක්‍රියාත්මක වූ අතිශය සාර්ථක වැඩසටහනක් වන 1990 සුවසැරිය ව්‍යාපෘතිය කොවිඩ් සමයේ රට බංකොලොත් වූ සමයේ අඛණ්ඩ සේවාවක් ඉටු කළා. අද වන විට එහි අධ්යක්ෂ මණ්ඩලය විසුරුවා හැරලා.
ආණ්ඩුවේ 159 දෙනාට පුළුවන් නම් මහපාරට බැස ජනතාවගේ හඬට කන් දෙන ලෙස ඉල්ලා සිටිනවා. බවත් ප්‍රජාව, ත්‍රිරෝද රථ රියැදුරන්, ස්වයං රැකියාවල නිරතවන අය තෙල් සහනාධාරය අපේක්ෂා කළත් ඒ කිසිවක් සිදුව නොමැති බවත් පාර්ලිමේන්තුව කතා කරන ස්ථාවරත්වය ලබාගෙන ඇත්තේ කොපමණ මානුෂීය පිරිවැයක් දරලද කියා සෙවිය යුතුයි.
පසුගිය දින කිහිපයේ අප රටට මියන්මාර රෝහින්යා සරණාගතයන් පිරිසක් මුලතිව්වලට පැමිණ තිබෙනවා. මේ අය පිටමං නොකළ යුතුයි.
මේ රටේ ප්‍රශ්න විසඳන්න නම් රාජ්‍ය සම්පත් ප්‍රමාණවත් නැහැ. පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සැවොම එකට එකතු විය යුතු බවත් සිවිල් සමාජය, ජාත්‍යන්තර ආයතන පවා එකතු කරගෙන සැමගේම උදව්වලින් රටේ ප්‍රශ්න විසඳිය යුතු යි. සෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරගෙන මේවා කළ යුතුයි. රටට ලබා ගත හැකි උපරිම ශක්තිය ලබා ගෙන රට සෞභාග්‍ය කරා ගෙන යා යුතුයි.