උතුරු මැද පළාතේ විභාග ප්‍රශ්න පත්‍ර පිට කිරීමේ සිද්ධිය පිටුපස පැහැදිලිවම කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
මෙය උතුරු මැද පළාතේ ඉහළ තනතුරු වෙනුවෙන් පවතින අරගලයක කුමන්ත්‍රණයක් බැවින් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බව ද ඔහු පැවසීය.
උතුරු මැද පළාතේ ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් ඊයේ (07) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා මේ බව සඳහන් කළේය.
අධ්‍යාපන විෂය අතින් උතුරු මැද පළාත නව වැනි ස්ථානයේ පවතින්නේ ද පළාතේ පවතින අධ්‍යාපන අක්‍රමිකතා හා දූෂණ, වංචා හේතුව බවත් නැවත එක් විෂයක් සඳහා ප්‍රශ්න පත්‍ර කට්ටල විසිදෙදහසක් මුද්‍රණය කිරීමට සිදු වන අතර, ඒ සඳහා පමණක් රජයේ මුදල් රුපියල් ලක්ෂ 25කට වැඩි මුදලක් වැය වන බව ද ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.
මේ ආකාරයෙන් ප්‍රශ්න පත්‍රයක් පිට කළ හැක්කේ කණ්ඩායම් තුනකට පමණක් බව පෙන්වා දෙන ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා එක් කණ්ඩායමක් වන්නේ ප්‍රශ්න පත්‍රය සකසන ගුරුවරයා හෝ ගුරු උපදේශකවරයා හෝ විෂය අධ්යක්ෂවරයා වන අතර, දෙවන කණ්ඩායම වන්නේ මුද්‍රණය කරන ආයතනය හෝ එම කණ්ඩායම් බවත් තුන්වැනි කණ්ඩායම වශයෙන් ප්‍රවාහනය කරන පිරිස බවත් ඔහු සඳහන් කළේය.
උතුරු මැද පළාතේ පාසල්වල එකොළහ ශ්‍රේණියට අදාළව විභාග පැවැත්වීමට පෙර එම සියලු වාර විභාග ප්‍රශ්න පත්තර උපකාරක පන්ති ගුරුවරුන් වෙත විවිධ පාර්ශ්වයන් හරහා ලැබී අවසන් බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
මෙතෙක් පළාතේ සිදුවූ ප්‍රශ්න පත්‍ර වංචා හා මූල්‍ය වංචා සම්බන්ධයෙන් වැරදිකරුවන්ට මෙතෙක් නීති ක්‍රියාත්මක කර නැති බවත් කිසිදු තරාතිරමකින් තොරව වැරදිකරුවන්ව වැඩ තහනමකට ලක් කර ඔවුන්ට උපරිම දඬුවම් දීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළ යුතු බවත් ඒ වෙනුවෙන් බලපෑම් කරන බවත් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.