සබරගමුව මහ සමන් දේවාලය නැවත විවෘතයි

ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා ධුර කාලය අවසන් වීමෙන් අනතුරුව ආගමික කටයුතු දෙපාර්තමේන්තුව විසින් තාවකාලිකව වෙනත් අයෙකු පත් කිරීමට විරෝධය පළ කරමින් එහි කපු මහතුන් දේවාලය වසා දැමීමට තීරණය කර තිබුණි.

මේ හේතුවෙන් බැතිමතුන්ට මෙන්ම සමන් දේවාලය ආශ්‍රිතව රැකියාවේ යෙදෙන පවුල් දැඩි අපහසුතාවට පත්ව සිටියේය.

ඒ සම්බන්ධයෙන් කපු මහත්වරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව දේවාලය පූජා වට්ටි බාර ගැනීම ඇතුළු තේවාවන් මෙන්ම සියලුම රාජකාරි කටයුතු සඳහා අද(07) යළි විවෘත කර තිබේ.