රාජ්‍ය ආයතනවල ඇති ඉහළ ධාරිතාවක් සහිත V8 සුඛෝපභෝගී රථවාහන වෙන්දේසි කර එම ආදායම් වාර්තා මාර්තු මස 01 වැනි දිනයට පෙර ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු සියළු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
චක්‍රලේඛයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මේ බව දැනුම් දී ඇත.
මෙලෙස වෙන්දේසි කරනු ලබන රථවාහන කිසිදු රාජ්‍ය ආයතනයක් මිලදී ගැනීම සිදු නොකළ යුතු බවද එම චක්‍රලේඛය මගින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා අවධාරණය කර තිබේ.
වර්ගීකරණය කරන ලද මෝටර් වාහන අතුරින් අදාළ ආයතනයේ භාවිතය සඳහා මෝටර් වාහන අවශ්‍ය වන්නේ නම්, මේ සමග වන ඇමුණුම I හි සඳහන් ආකෘතිය අනුව සකස් කරන ලද එම වාහනවල විස්තරද සමග එම අවශ්‍යතාවය සාධාරණීකරණය කරමින් අදාළ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් භාණ්ඩාගාර ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහා 2024 දෙසැම්බර් 31 දිනට පෙර කොස්ට්‍රෝලර් ජනරාල් කාර්යාලය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු බව එම චක්‍රලේඛයේ දැක්වේ.