බාල බෙහෙත් වලින් ඇස් අන්ධ වූ පිරිසට වන්දි

ගිය ආණ්ඩුව  සමයේදී සිදුකරනු ලැබූ අක්ෂි සැත්කම් හේතුවෙන් අන්ධ භාවයට පත් වූ රෝගීන් වෙනුවෙන් වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.

මීට අමතරව එම ඖෂධ ගෙන්වීමට මූලික වූ සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය කටයුතු කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

මෙහිදී අබාධිත තත්ත්වයට පත් වූ පුද්ගලයන් 17 දෙනෙකුට රජය විසින් වන්දි මුදල් ලබා දීමට නියමිතය.