නව වසරේ ප්‍රථම පාර්ලිමේන්තුව අද (07) රැස්වෙන අතර මේ 10 වැනිදා දක්වා පාර්ලිමේන්තුව පැවැත්වේ.
මේ අතර නව වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය (අය-වැය විවාදය) පෙබරවාරි 17 සිට මාර්තු 21 දක්වා පැවැත්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි තීරණය කර ඇත. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා (31) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර එහිදී මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2025 ජනවාරි 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද මෙහිදි තීරණය වී තිබේ. ඒ අනුව 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙවත් අය-වැය කතාව පෙබරවාරි 17 වැනිදා සිදු කිරීමට නියමිත අතර දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා දින 7ක් පැවැත්වීමට නියමිත වේ. ඉන් පසුව පෙබරවාරි 25 පස්වරු 6.00ට අය-වැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත වේ.
2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් තෙවනවර කියැවීම පෙබරවාරි 27 සිට මාර්තු 21 දක්වා සෙනසුරාදා දින 4ක්ද ඇතුළුව දින 19ක් පැවැත්වීමට නියමිත වේ. විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට ද මෙහිදී තීරණය වී ඇත.