පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගැයීම අනිද්දා (08) යළි ආරම්භ කරන අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගැයීම 02 වැනිදා ආරම්භ කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා “දිනමිණ“ට ඊයේ (05) පැවැසීය. උසස් පෙළ විභාගය දෙසැම්බර් 31 වැනිදා අවසන් වූ බවත් පැනල් 1000කට අධික සංඛ්‍යාවක් යොදවා ගනිමින් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගැයීම් කටයුතු විභාගය අවසන් කර දිනකට පසුව (ජනවාරි 02) ආරම්භ කළ බවත් ඒ මහතා පැවසුවේය.
මෙම විභාග දෙකේම ප්‍රතිඵල හැකි ඉක්මනින් සිසුන්ට ලබාදීම තම අපේක්ෂාව බවත් ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීම් කටයුතු 08 වැනිදා ආරම්භ කර දින පහක් තුළදී ඇගැයීම් කටයුතු අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා කීය.