ගෙදර යන්න පෙර ජෝ බයිඩන්ගෙන් මෙසීට‍ සම්මානයක්

ආර්ජන්ටිනාවේ හා අමෙරිකාවේ මියාමි පාපන්දු සමාජයේ අති දක්ෂ පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීට‍‍ අමෙරිකා එක්සත් ජනපදයේ ඉහළම සිවිල් ගෞරව සම්මානය ජනාධිපති ජෝ බයිඩන් විසින් පිරිනැමීමට තීරණය කරයි. ජනපති තනතුරෙන් ඉවත්ව යෑමට සූදානමින් සිටින ජෝ බයිඩන් පිරිනමන මේ සම්මානය පිළිගැනීමේ උත්සව අවස්ථාවට මෙසී පැමිණ නැති අතර, ඉදිරි දිනෙක ජෝ බයිඩන් හමුවන බව මාධ්‍ය වෙත පැවසීය.

එක්සත් ජනපද නිදහසේ ජනාධිපති සම්මානය දේශපාලනය, මානව හිමිකම්, ක්‍රීඩා, විද්‍යාව, විනෝදාස්වාදය වැනි කරුණුවලදී සාර්ථක වූ පුද්ගලයන් 19කට පිරිනැමිණි. ක්‍රීඩා අංශයෙන් මේ සම්මානය මෙසීට හිමි වූයේ පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීම හා පිට පිට කෝපා අමෙරිකා තරගාවලි දෙකක් දිනා ගැනීම වෙනුවෙනි.