සමාජ මාධ්‍යයන්හි සංසරණය වන අසත්‍ය හඬ පටයක් ගැන පොලිසියෙන් දැනුම් දීමක්

රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන “Clean sri lanka – 2025″ වැඩසටහනට සමඟාමීව ශ්‍රී ලංකා පොලිසිය මගින් මහජනතාව වෙත සිදු කරන විශේෂ දැනුම් දීමයි” යනුවෙන් කිසියම් පුද්ගලයෙකු විසින් සිදු කළ අසත්‍ය හඬ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පැවසුවේ පොලිස් ආඥා පනතේ වගන්තියක් සඳහන් කරමින් මහජනතාව විසින් තම නිවෙස් ඉදිරිපිට ප්‍රදේශ පිරිසිදුව තබා ගැනීම ඇතුළු තවත් කරුණු සම්බන්ධයෙන් අවධාරණය කර ඇති බවටත් එසේ ක්‍රියා නොකරන පුද්ගලයින්ට එරෙහිව 2025.01.15 වන දිනෙන් පසු නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවටත් එම හඬ පටයේ සඳහන් කර ඇති බවයි

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම හඬපටය අසත්‍ය හඬ පටයක් බවත්, මෙවැනි හඬ පටයක් ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කර නොමැති බවටත් එම නිවේදනය මගින් පෙන්වා දී තිබෙනවා

එමෙන්ම අදාළ හඬ පටය නිකුත් කළ පුද්ගලයාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා