මොරටුව වෛද්‍ය සිසුන්ට අවශ්‍ය සායනික පුහුණුව කළුතර, නාගොඩ ශික්ෂණ රෝහල මඟින් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරයි.
සායනික පුහුණුව සඳහා රෝහල තුළ මහාචාර්ය ඒකකයක් ස්ථාපිත කිරීමටත්, ඊට අවශ්‍ය සංවර්ධන කටයුතු රෝහල තුළ සහ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය කේන්ද්‍ර කර ගනිමින් සිදු කිරීමටත් තීරණය කර තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, මහා භාණ්ඩාගාරය, මොරටුව විශ්වවිද්‍යාලය සහ ඊට සම්බන්ධ සෙසු ආයතන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හදිසි සාකච්ඡාවක් කැඳවූ අතර එහිදී මේ තීරණය ගෙන තිබේ.
මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨයේ මේ වන විට වර්ෂ හතරකට අදාළ වෛද්‍ය සිසුන් 400කට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යයන කටයුතුවල නිරත වන අතර එහි සිවුවැනි වසරේ අධ්‍යයන කටයුතු සිදු කරන වෛද්‍ය සිසුන් මේ වසර මැද භාගයේ දී අනිවාර්යයෙන්ම මහාචාර්ය පුහුණුව සඳහා යොමු කළ යුතු බව අනාවරණය වී ඇතත් ඒ සඳහා මෙතෙක් නිශ්චිත සැලසුම් සම්පූර්ණ නොවීම ගැටලුවක්ව පැවතිණි.
අවශ්‍යතාවන්ට යෝග්‍ය පරිදි භෞතික හා මානව සම්පත් වර්ධනය කිරීමේ පියවරයන්, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ප්‍රවාහන, නේවාසික හා අනෙකුත් අවශ්‍යතා සංවර්ධනය කිරීම පිළිබඳ දැඩි අවධානය යොමු කරමින් අවශ්‍ය පියවර ගැනීම සඳහා නිලධාරීන්ට උපදෙස් ලබා දීමට ද ඇමැතිවරයා රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් කටයුතු කළේය.
වෛද්‍ය සිසුන්ට අවශ්‍ය දැනුම වර්ධනය කර ගැනීමේ අරමුණින් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය තුළ ස්ථාපිත කර ඇති පුස්තකාලය ඩිජිටල්කරණය කිරීමටත්, දැනුම වර්ධනය කර ගැනීම සඳහා විදේශ රටවල ඇති පුස්තකාල හා මෙම පුස්තකාලය අන්තර්ජාලය අනුසාරයෙන් සම්බන්ධ කිරීමට පියවර ගන්නා ලෙසත්, දුරස්ථ අධ්‍යපන ඒකකයද වර්තමානයට ගැළපෙන පරිදි නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් පුහුණු කාලය තුළ සිසුන්ට මෙන්ම වෘත්තිකයන්ට උපරිම දැනුමක් ලබා ගැනීමට හැකි වන ලෙස සංවර්ධනය කිරීමට අවශ්‍ය ඉදිරි පියවරයන් ගන්නා ලෙසටත් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්යක්ෂ වෛද්‍ය තමර කලුබෝවිල මහතා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබා දීම සිදුකෙරිණි.
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය තුළින් වසරකට සෞඛ්‍ය වෘත්තිකයන් 1000කට අධික පිරිසක් පුහුණු කර මෙරට සෞඛ්‍ය සේවාවට එක් කර ගැනීමට අවශ්‍ය ක්‍රමවේදයන්, සැලසුම් කඩිනමින් සකස් කරන ලෙසටද අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය තුළ ක්‍රියාත්මක සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති සියල්ල ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට මෙහි දී ලක්කෙරිණි.
මෙම නිරීක්ෂණ අවස්ථාවට කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය නයනජිත් කොමසාරු, පරිපාලන නිලධාරී චමින්ද ලියනගේ මහත්වරුන් ද, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් පිරිසක් සහභාගි වූහ.