ප්‍රා.සභා කාර්යාල බිමේ තැපැල් කණුවට ලිපි දාන්න එපා

නතා ඉල්ලීමක් මත මීට වසර ගණනාවකට පෙර ගම්පහ තැපැල් අධිකාරී කාර්යාලය මඟින් මිරිස්වත්ත, ගම්පහ ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය පිහිටි භූමියෙහි ඉදිකොට තිබූ තැපැල් කණුව බිම වැටී මාස ගණනාවකට පසුව එය නිසියාකාරයෙන් සකස් කොට ඇතත් ඊට ලිපි දැමීමෙන් වළකින ලෙස දැනුම් දෙමින් දැන්වීමක් අලවා ඇත.

මෙම තැපැල් කණුව බිම වැටී මාස ගණනාවක් ඉක්ම ගියද සකස් නොකිරීම මත ලිපි තැපැල් කිරීමේ හැකියාවක් නොමැති බව අප පුවත්පත මඟින් 2024.09.26 වැනි දින පෙන්වා දෙනු ලැබුවද ඊට ප්‍රතිචාරයක් නොවීම හේතුවෙන් ජනතා ඉල්ලීමක් මත 2024.12.20 වැනි දින පැවති ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට එය යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඊට දිනකට පසුව තැපැල් කණුව නිසියාකාරයෙන් සකස් කිරීමට පියවර ගෙන තිබිණ. කෙසේ වෙතත් Òතැපැල් පෙට්ටියේ යතුරු කට කැඩී ඇති බැවින් ලිපි නොදමන්නÓ යනුවෙන් සඳහන් දැන්වීමක් එහි අලවා ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

ජනතා ඉල්ලීමක් මත ස්ථාපනය කළ මෙම තැපැල් කණුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව දක්වා ගැටලුවක් බවට පත්ව යෑමෙන් අනතුරුවත් ඊයේ (01) දිනය වන විටත් පෙට්ටියේ යතුරු කට සකස් නොවී තිබීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රදේශවාසියකු සඳහන් කළේ, රාජ්‍ය ආයතන මඟින් කාර්යක්ෂමව ජනතා අවශ්‍යතාවන් ඉටු කිරීම කවදා සිදුවේද යන්න විමසීමට සිදුව ඇති බවයි.

ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට යොමු වීමෙන් අනතුරුව කෙළින් කළ තැපැල් කණුවට ලිපි නොදමන ලෙස දැනුම් දී දින 11ක් ගත වුවද ඊයේ (01) දිනයේ දහවල් වන විටත් එය පැවති අයුරු ඡායාරූපයෙන් දැක්වේ.