කොළඹ කොටස් වෙළඳපොළේ අද (02) සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 සීමාව පසුකර තිබෙයි.
ඉතිහාසයේ පළමුවරට මෙම සීමාව පසුකර තිබෙන බවයි වාර්තා වෙයි.
ඒ අනුව කොටස් මිල දර්ශකය ඒකක 16,151.20ක් ලෙස සටහන් වෙයි.
S&P SL20 දර්ශකයට අනුව 2024 වසරේදී කොළඹ කොටස් වෙළඳපොළේ 58.46%ක වර්ධනයක් සිදු වී තිබෙන බවයි වාර්තා වෙයි.