සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කළ මහින්ද එස්. වීරසූරිය මහතා විශ්‍රාම ගැනීමට නියමිත බැවින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊ.කේ.ඒ. සුනීතා මහත්මිය සබරගමුවේ ප්‍රධාන ලේකම් ලෙස පත් කර ඇත.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් පසුගියදා 26 වැනිදා ජනාධිපති ලේකම් පරිශ්‍රයේ දී ඊ.කේ.ඒ. සුනීතා මහත්මිය වෙත භාර දී ඇත.
ඊ.කේ.ඒ. සුනීතා මහත්මිය රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂවේදී දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් සහිත ප්‍රථම උපාධිය සම්පූර්ණ කර ඇති අතර, කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද එම මහත්මිය විසින් හදාරා ඇත. වර්ෂ 1998 දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වූ ඊ.කේ.ඒ. සුනීතා මහත්මිය හෙරෙනාතොට, කැනමල්පල ලුණුගම්වෙහෙර සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ලෙසද, ලුණුගම්වෙහෙර ඔකේවල හම්බන්තොට ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස ද, හම්බන්තොට මොනරාගල අතිරේක දිසාපති ලෙස ද අම්පාර හම්බන්තොට මොනරාගල දිවිනැඟුම කලාප අධ්යක්ෂ ලෙසද සේවය කර ඇත.
එමෙන්ම සබරගමුව පළාත් සභාවේ සභා ලේකම්, පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් යන තනතුරු ද ඊ.කේ.ඒ. සුනීතා මහත්මිය දරා ඇත.
ඊ.කේ.ඒ. සුනීතා මහත්මිය සබරගමු පළාත් සභාවේ දහසය වන (16) ප්‍රධාන ලේකම් වේ.