Month December 2024

බස් රථ ප්‍රමිතිය අකුරටම සොයයි

මගී ප්‍රවාහන බස් රථ වෙනුවෙන් ලබා දී ඇති ප්‍රමිතිය නිසි පරිදි යාවත්කාලීන කර ඒ සම්බන්ධ නීතිය දැඩි කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය කටයුතු කර තිබේ. විශේෂයෙන්ම පසුගිය දිනවල අනතුරට පත්වූ පෞද්ගලික බස් රථ කිහිපයක්ම නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවූ බව අනාවරණය…

ඖෂධවේදීන් නැති ෆාමසි 60ක බලපත් අත්හිටුවයි

පසුගිය මාස 5 ක කාලය තුළ ඖෂධශාලා 60ක බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවූ බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. ඖෂධවේදියෙකු නොවීම හේතුවෙන් එම පියවර ගත් බව එහි ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය සවීන් සේමගේ මහතා කියා සිටී.

නව වසරේ රජයේ සේවකයන්ට චාන්ස් එකක්

රජයේ නිලධාරීන්ට 2025 සඳහා විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සදහන් කරයි. එහි ලේකම් එස්.ආලෝක බණ්ඩාර මහතා නිකුත් කළ චක්‍රලේඛයකයේ දැක්වෙන්නේ රාජ්‍ය නිලධාරින් සඳහා රුපියල් 4000 කට නොවැඩි වන විශේෂ අත්තිකාරම්…

දෙසැම්බරයේ ගතවූ කාලය තුළ සංචාරකයින් 191,465ක් ලංකාවට

මෙම මාසයේ ගතවූ කාලය තුළ සංචාරකයින් 191,465 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරයි. එසේම 2024 වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 19ලක්ෂ 96,338 දෙනෙකු මෙරටට පැමිණ ඇත. දෙසම්බර් මස පැමිණ තිබෙන සංචාරකයින්ගෙන් වැඩි පිරිසක් ඉන්දියාවේ…

සතොස හරහා දෛනිකව සහල් මෙට්‍රික් ටොන් 300 ක් වෙළෙඳපොලට

සතොස හරහා දෛනිකව සහල් මෙට්‍රික් ටොන් 300 ක් වෙළෙඳපොලට නිකුත් කරන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පවසයි. සභාපතිවරයා සඳහන් කළේ, රජයේ පාලන මිල යටතේ එම සහල් අලෙවි කෙරෙන බවයි.

ලොව දරුණුතම සුනාමි ව්‍යවසනයේ විසි වසර සැමරෙයි-යළි සුනාමියක් සිදු­විය හැකි බවට විශේ­ෂ­ඥ­වරු අන­තුරු අඟ­වති

ජීවිත දෙලක්ෂ තිස්දහසක් අහිමි කරමින්ද, තවත් ජීවිත හතළිස් දහසක් අතුරුදන් කරමින් ද 2004 දෙසැම්බරයේ 26 වැනිදා සිදු වූ ලොව දරුණුතම සුනාමි ව්‍යවසනයේ විසිවැනි සංවත්සරය වෙනුවෙන් ඊයේ රටවල් රැසක සැමරුම් උත්සව පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. විසිවසරකට පෙර දෙසැම්බරයේ 26…

NASA යානයක් ඉතිහාස ගත වෙමින් ආරක්ෂිතව සූර්යයා ළඟටම යයි

නාසා ආයතනය මගින් යවන ලද අභ්‍යවකාශ යානයක් සූර්යයාගේ ඉතා ආසන්නයට ළඟා වී ඇතැයි එම ආයතනය අද ප්‍රකාශ කළේය. එම යානාව ඉතිහාසගත වන්නේ සූර්යයා ආසන්නයට ම ගොස් නිරුපද්‍රිතව සිටීමට සමත් වූ යානාව ලෙසට ය. පාකර් සෝලා ප්‍රොබ් (Parker Solar Probe) නම්…

චීනයේ ‘Tansuo 3’විද්‍යා ගවේෂණ නෞකාවේ මංගල ගමන මෙන්න

චීනය විසින් ස්වාධීනව නිර්මාණය කර ඉදිකරන ලද “Tansuo 3” නැමති ගැඹුරු හා ඈත මුහුදු බහුකාර්ය විද්‍යාත්මක පර්යේෂණ නෞකාව ඊයේ(26) චීන‍යේ Guangzhou නගරයේ Nansha ප්‍රදේශයේ සිට සිය මංගල යාත්‍රාකරණය ආරම්භ කළේ ය. එම නෞකාව සංස්කෘතික පුරාවිද්‍යාත්මක කටයුතු සඳහා යෙදවීමට ද නියමිතය.…

ඉන්දීය හිටපු අගමැති මන්මෝහන් අභාවප්‍රාප්ත වෙයි

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා අභාවප්‍රාප්ත වේ. 1932 වසරේ සැප්තැම්බර් 26 වැනිදා වත්මන් පාකිස්තානයට අයත් කොටසක් වන පංජාබ්හිදී උපත ලැබූ ඒ මහතා, මිය යන විට 92 වැනි වියේ පසුවිය. 2004 වසරේ සිට 2014 වසර දක්වා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස…

පාකිස්තාන ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තානයේ 46ක් මරුට

ඇෆ්ගනිස්තානයේ පක්ටිකා ප්‍රාන්තයට එල්ල වූ පාකිස්තාන ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 46 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි තලේබාන් රජය නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ප්‍රාන්තයේ බර්මාල් දිස්ත්‍රික්කයට එම ප්‍රහාරය එල්ල වී ඇති අතර, මිය ගිය පුද්ගලයන් අතුරින් වැඩිදෙනකු කාන්තාවන් සහ…