Month December 2024

ගංවතුර ආපදා සහන කණ්ඩායම් තවමත් දිවා රෑ මෙහෙයුමේ

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඇති වී තිබෙන ගංවතුර තත්ත්වය මත පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වෙත අනුයුක්ත කෙරුණු ගංවතුර ආපදා සහන කණ්ඩායම් ඊයේ දිනයේදීත් (01) ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටින…

පාස්කු දා ප්‍රහාරය බලය ගන්න කළ ක්‍රියාවක් බවට ඕනෑතරම් සාක්ෂි තියෙනවා-ප්‍රවීණ මාධ්‍යවේදී පෝද්දල ජයන්ත

පාස්කු දා ත්‍රස්ත ප්‍රහාරය එක්තරා පුද්ගලයකුගේ හෝ එක්තරා පවුල් පාර්ශ්වයකට රාජ්‍ය බලය සාක්ෂාත් කරගැනීමට සිදු කරවූ ක්‍රියාවක් බවට ඕනෑතරම් සාක්ෂි පවතිනවා යැයි ප්‍රවීණ මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව සඳහන් කළේ සමාජ ක්‍රියාකාරී ශෙහාන් මාලක මහතා…

ආගමික සහජීවනය ගොඩනැඟීමට සාංචි මහා බෝධි මහෝත්සවය විශාල පිටිවහලක්

සාංචි චේතියගිරි විහාරාධිපති, ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමි ආගමික සහජීවනය ගොඩනැඟීම සඳහා සාංචි මහා බෝධි මහෝත්සවය විශාල පිටිවහලක් වන බව සාංචි චේතියගිරි විහාරාධිපති, ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල…

එජාපයත් සජබයත් එකතුවුවොත් ඉදිරි මැතිවරණ ජය වළක්වන්න බැහැ-එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

දැනට වෙන්වෙන් වශයෙන් මැතිවරණවලට තරග කරන එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු විය යුතු බවත්, එසේ වුවහොත් ඉදිරි මැතිවරණවලදී අපගේ ජයග්‍රහණය වළක්වන්නට කිසිම බලවේගයකට හැකි නොවන බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. ඒ මහතා…

අවදානම පසෙකලා…

විනෝදය සහ පරිස්සම එක් නොවුණහොත් එහි කෙළවර ඛේදවාචකයක් විය හැකිය. දුම්රියේ සිට අවට සිරි නැරඹීමට එහා ගොස්, මේ සුන්දරිය තනි අතින් දුම්රිය පාපුවරුවේ ගමන් කරනා විලාසය මනරම් වුවද එහි භයානකත්වය ද ගැබ්ව තිබේ. විනෝදය සහ අවදානම එකවිට කැටිවූ මෙම දසුන…

වට්ස්ඇප් හැකරුන්ගෙන් ප්‍රවේසම් වෙන්න-පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය

වට්ස්ඇප් ගිණුම්වලට අනවසරයෙන් ප්‍රවේශ වී සිදු කරන මූල්‍ය වංචාවන් රැසක් පිළිබඳ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තොරතුරු වාර්තා වූ බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එබැවින් එවැනි ආකාරයේ සයිබර් වංචාවලින් ආරක්ෂා වීම සඳහා තම දුරකථනවලට ලැබෙන කිසිදු කේතයක් තෙවැනි පාර්ශව…

වගා හානි වන්දි දෙන්න බිලියනයක් වෙන් කරයි-ගොවීන් 175,000කගේ වගාවන් විනාශයි

අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇතිවූ ගංවතුරෙන් විනාශ වූ වගා හානි සඳහා රජය රුපියල් බිලියනයක් වෙන් කර ඇත. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහ ආරච්චි මහතා පැවැසුවේ එම වගා හානි ලබාදීම අද(02) සිට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මනම්පිටිය ප්‍රදේශයෙන් ආරම්භ කරන…

අයිතීන් සුරකිමු – ඒඩ්ස් නවතමු

ලෝක ඒඩ්ස් දිනය යෙදී තිබුණේ ඊයේ (01)ටය. “අයිතීන් සුරකිමු – ඒඩ්ස් නවතමු” තේමාවෙන් මෙවර ඒඩ්ස් දින ජාතික සැමරුම් උත්සවය පැවතියේ කොළඹ ගාලු මුවදොර ක්‍රීඩාංගණයේදීය. මෙහි ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගිවූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය සමඟ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය…

කවුරුත් ගන්නේ නැතිව දුක් විඳින කෙසෙල්

තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කෙසෙල් කැන් අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ විකුණාගත නොහැකිව තැන් තැන්වල ගොඩ ගසා තිබේ. පසුගිය කාලයේදී අධික මිලකට විකිණුනු කෙසෙල් අයහපත් කාලගුණයත් සමඟ මේ දිනවලින් විකුණා ගත නොහැකිව ගොඩගසා ඇති බව ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දෝ පවසති. පසුගිය දිනවල…

වතුර බැස ගිය සෝමාවතිය…

ඓතිහාසික සෝමාවතිය පුදබිමේ ජලය බැස යාමත් සමඟ එම අවට පරිසරය පවිත්‍ර කිරීම ඊයේ (01) උදෑසන සිදුවිණි. පැවැති අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඓතිහාසික සෝමාවතී පුදබිම අඩි පහකට ආසන්න ප්‍රමාණයකින් දින ගණනාවක් ජලයෙන් යටවී තිබුණද පෙරේදා (30) සවස් වන විට ජලය බස…