Month December 2024

පුද්ගලයන් 15,000ක් තවදුරටත් ආරක්ෂිත මධ්‍යස්ථානවල

අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්වූ පවුල් 4,745කට අයත් පුද්ගලයින් 15,464ක් තවදුරටත් ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි. එසේම පවුල් 139,934 ක පුද්ගලයින් 4 71,249 කට තවදුරටත් බලපෑම් එල්ල වී ඇත. වාර්තා වූ මරණ සංඛ්‍යාව, 17 කි. පූර්ණ…

ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂණයක් – මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වෙයි

ඉසුරුපාය ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් බොරැල්ල – කොට්ටාව 174 බස් මාර්ගය සම්පූර්ණයෙන් ම අවහිර වී තිබේ. පාසල් වල ඉගැන්වීම් කරනු ලබන සංවර්ධන නිලධාරීන් විසින් මෙම උද්ඝෝෂණය සංවිධාන කර ඇති බව වාර්තාවේ. ඔවුන් ඉල්ලා සිටින්නේ තමන් ව ගුරුසේවයට අනුයුක්ත කර සේවයේ…

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. උඩුවර ප්‍රදේශයේ නායයාමක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබුණි. දින 5ක් තිස්සේ පැවති මෙම බාධාව යථා තත්ත්වයට පත්කර අද (02) සිට සාමාන්‍ය පරිදි…

ත්‍රිකුණාමල-මඩකලපු දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති අරුන් හේමචන්ද්‍ර

විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිවේදී අරුන් හේමචන්ද්‍ර මහතා ත්‍රිකුණාමලය හා මඩකලපුව යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරයා ලෙස පත් කරගනු ලැබ තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ පත්කිරීම සිදුකර ඇති අතර ජනාධිපති ලේකම්…

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත ඉදිරියේදී සම්මත කරනවා-ඇමැති වසන්ත සමරසිංහ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත ඉදිරි පාර්ලිමේන්තු සැසි වාරයකදී සම්මත කරන බව වෙළෙඳ සහ වාණිජ ඇමැති වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය. ඇමැතිවරයා මේ බව පැවසුවේ පෙරේදා (30) අනුරාධපුරේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ…

විදුලිය අඩු කරන යෝජනා 06වැනිදා

විදුලිය ගාස්තු සංශෝධන යෝජනාවලිය ලබන සිකුරාදා (06) මහජන උපයෝගීතා කොමිසමට භාරදෙන බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ඒ.ඩී.කේ.පරාක්‍රමසිංහ මහතා පැවසීය. එය සකස් කිරීමේ ක්‍රියාවලිය අවසන් අදියරේ මේවන විට පවති. පැවති ක්‍රමවේදයට අනුකූලව සියයට 06% සිට 11% දක්වා පරාසය…

දීඝගේ දළ සහිත හිස කොටස සංරක්ෂණයට පියවර

ගල්කිරියාගම, හිඟුරුවැව ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමෙන් මිය ගිය දීඝදන්තු 01 හස්තියාගේ දළ යුගළය සහ හිස කොටස සංරක්ෂණය කිරීමට පියවර ගෙන තිබේ. ඒ, අනුව එම හස්තියාගේ හිස කඳෙන් වෙන්කර ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය වෙත රැගෙනයාමට වනජීවී නිලධාරීන් ඉකුත් දා…

ලිට්‍රෝ ගෑස් අද පහළ දමයි ද

මාසික ගෑස් මිල සංශෝධනයට අනුව දෙසැම්බර් මාසයට අදාල මිළ සංශෝධනය අද (02) දිනයේ ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ සමාගම පවසයි. කෙසේ වෙතත් පසුගිය මාසයේ ගෑස් මිල සංශෝධනයක් සිදු නොවීය. අවසන් වරට ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් වූයේ ඔක්තොම්බර් මාසයේදී ය.

ඉන්දුනීසියාවට ඔබ්බෙන් වූ මුහුදේ සංක්‍රමණික යාත්‍රාවක් අනතුරක

ඉන්දුනීසියාවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්වූ යාත්‍රාවක සිටි රෝහින්ග්‍යා සරණාගතයින් 100 දෙනෙකුට අධික පිරිසක් බේරාගෙන තිබෙනවා. එම පිරිස අතර වැඩි දෙනෙකු කාන්තාවන් සහ ළමුන් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අදාළ යාත්‍රාවේ සංක්‍රමණිකයින් 116 දෙනෙකු පමණ සිට ඇති බවට…

චීනයේ Hainan වාණිජ අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධ්‍යස්ථානය සිය පළමු මෙහෙයුම දියත් කරයි

චීනයේ Hainan පළාතේ දකුණු කලාපයේ පිහිටි Hainan වාණිජ අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධ්‍යස්ථානය ඊයේ(30) රාත්‍රී සිය පළමු මෙහෙයුම දියත් කර තිබෙනවා. එහිදී Hainan වාණිජ අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් නව වාහක රොක‍ට්ටුවක් සාර්ථකව අභ්‍යවකාශයට යවා ඇති බව සඳහන්. Long March-12…