Month December 2024

ගොවීන්ට දෙන වගා හානි වන්දි වැඩි කිරීමට අවධානය-නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න

වගා හානි වන්දි සම්බන්ධයෙන් පවතින නීතිමය රාමුවට යම් සංශෝධන එක් කර වගා හානි වූ ගොවීන්ට දෙන වන්දි මුදල් මීට වඩා වැඩි කිරීමට අවධානය යොමු වී ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා පැවසීය. ‘දිනමිණ’ කළ විමසීමකදී…

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සහ කථානායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ කථානායක අසෝක සපුමල් රන්වල මහතා අතර හමුවක් පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු විය. මේ හමුවේදී අභිනව කථානායකවරයාට සුබ පැතුම් එක්කළ ඉන්දීය මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගු කාලීන සබඳතාව පිළිබඳව සිහිපත්…

ශක්තිමත් නායකත්වයක් යටතේ ශ්‍රී ලංකාව නව යුගයකට ප්‍රවිශ්ට වෙමින් තිබෙනවා-ශ්‍රී ලංකාවේ චීන තානාපති

ශක්තිමක් නායකත්වයක් යටතේ ශ්‍රී ලංකාව නව යුගයකට ප්‍රවිශ්ට වෙමින් තිබෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පවසයි. ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා මේ බව පැවැසුවේ මහනුවර පලීපාන ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ පැවැති උත්සවයකදීය. චීන තානාපති ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මහනුවර…

පහේ ශිෂ්‍යත්වය පිටවූ ප්‍රශ්න 3ටම ලකුණු දෙන්න කැබිනට් නිර්දේශය-නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සඳහා විභාගය යළි පැවැත්වීමෙන් සිසු සිසුවියන් පීඩාවට පත්වීමට හැකි බැවින් එම ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා විභාගයට ඉදිරිපත් වූ සියලු සිසු සිසුවියන්ට නිදහස් ලකුණු ලබාදීමට කැබිනට් මණ්ඩලය නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා…

වර්ෂාවෙන් විනාශ වී ගිය කුඹුරු යළි වගා කරන්න මාස තුනෙන් අස්වැන්න ලැබෙන බිත්තර වී යොදා ගැනීම වඩා සුදුසුයි-පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ

වර්ෂාව හේතුවෙන් විනාශ වූ කුඹුරු යළි වගා කිරීමේදී මාස 03න් අස්වැන්න ලබාගත හැකි බිත්තර වී යොදා ගැනීම වඩා සුදුසු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසයි. දැනට පවතින තත්ත්වය අනුව බිත්තර වී අවශ්‍යය ප්‍රමාණය සොයා ගැනීමට…

නත්තල් කාලය ආරම්භ වෙයි

ලොව පුරා සියලු කිතුනු බැතිමතුන්ගේ ‘ආගමන සමය’ හෙවත් ‘නත්තල් කාලය’ ආරම්භ වූ පෙරේදා (01) දින පස්වරු 6.15 ට කොළඹ අගරදගුරු, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කොළඹ සාන්ත ජෝසප් විදුහලේ පැවති වාර්ෂික ජොසපියානු නත්තල් කැරොල් ගායනා මෙහෙයට පෙර ජේසු බිලිඳුන්ගේ…

ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂකයන් පහරදී පොලීසියේ 3ක් රෝහලේ-එක් අයකුට බරපතළයි

බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී එ්කාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුව විසින් සංවිධාන කළ උද්ඝෝෂණයකදී පොලීසිය හා උද්ඝෝෂකයන් අතර උණුසුම් තත්ත්වයක් ඊයේ (02) හට ගැනිණ. මාර්ගය අවහිර වන සේ උද්ඝෝෂණයේ නියැළෙන උද්ඝෝෂකයන් ඉවත් කිරීමට පොලීසිය උත්සාහ දැරූ අයුරු ඡායාරූපයේ දැක්වේ. පාසල්…

මාදෙණිය මහා විද්‍යාලයේ විදුහල්පති සිය නිවෙසේදීම හෘදයාබාධයකින් මියගිහින්

හැටන් අධ්‍යාපන කලාපයට අයත් හිටිගේගම මාදෙණිය මහා විද්‍යාලයේ විදුහල්පති පාලිත වීරවංශ මහතා සිය නිවසේ සිටියදී හෘදයාබාධයක් වැලඳීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දෙණියහේන ගම්මානයේ තම නිවෙසේ සිටියදී ඒ මහතා හදිසියේ රෝගීවී ඇති අතර ඔහුගේ පවුලේ උදවිය ඔහුව…

ලෝක ආබා­ධිත දිනය අදයි

ලෝක ආබා­ධිත දිනය අදට (03) යෙදී තිබෙන අතර ආබා­ධිත පුද්ග­ල­ය­කුට උදව් කරන තරු­ණ­යකු මෙලෙස ඡායා­රූ­ප­යට හසු වූයේ කොටුව දුම්රිය ස්ථාන­යේ­දීය.

අද සෞම්‍ය කාලගුණයක්

නැගෙනහිර පළාතේ වැසි වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව සඳහන්. දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි වාර්තා වන්නේ.