Month December 2024

කායවර්ධන ලෝක ශූරිය කටුනායකට එයි

තායිලන්තයේ පැවති කායවර්ධන ක්ෂේත්‍රයේ වෘත්තීය මට්ටමේ  ක්‍රීඩිකාවන් සහභාගී වන , I FBB Pro Leaque තරගාවලියට උස සෙන්ටි මීටර් 168 වඩා උස කාණ්ඩයේ  , කාන්තා ෆිෂික්ස් ( Woman Physique ) අංශය යටතේ තරග කර , එම ඉසව්වෙන් දෙවන ස්ථානය දිනා ගෙන…

සුරාබදු ගෙවීම් පැහැර හැර ඇති සමාගම් ගැන දැඩි තීරණයක්

සුරාබදු ආඥා පනතට අනුව සුරාබදු ගෙවීම් තවදුරටත් පැහැර හරින සමාගම්වල නිෂ්පාදන කටයුතු අත්හිටුවීමටත් නිෂ්පාදන බලපත්‍ර ඊලඟ වර්ෂය සඳහා දීර්ඝ නොකිරීමටත් පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ මෙම වර්ෂයට අදාළ ව මත්පැන් නිෂ්පාදන සමාගම් 23ක් සඳහා…

මාසික ගෑස් මිල සංශෝධනය හෙට

මාසික ගෑස් මිල සංශෝධනයට අනුව දෙසැම්බර් මාසයේ මිල සංශෝධනය හෙට (04) දිනයේ ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ සමාගම පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ලෝක වෙළදපළේ පවතින ගෑස් මිල හා සංසංදනය කර මෙවර ගෑස් මිල සංශෝධනය කිරීමට නියමිත බවයි. මේ වන විට…

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය අද (03) පෙරවරු 09.30ට ඇරඹුණි. ඒ කථානායක අශෝක රංවල මහතාගේ ප්‍රධානත්වයෙනි. අද දිනයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබඳ විවාදය සිදු කිරීමට නියමිතය. තවද 10 වන පාර්ලිමේන්තුවේ තේරිම්කාරක සභාව ස්ථාපිත කිරීමට අද…

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංගට

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා එම ධූරය ඉවත් කර තිබෙයි . ඒ අනුව නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග මහතා පත් කර ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය නිවේදනය කරයි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග…

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද-හෙට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (03) සහ හෙට (04) පැවැත්වේ. මේ අනුව අද (03) පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වාත්, හෙට පෙරවරු 9.30 සිට පස්වරු 5.00 දක්වාත් විවාදය…

ජනපති අනුර හා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් අතර සාකච්ඡාවක් ඊයේ (02) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ඉදිරි මාසවලදී සහල් හිඟයකින් තොරව, සාධාරණ මිලට හා අඛණ්ඩව පාරිභෝගික ජනතාවට ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී සුළු හා මධ්‍ය පරිමාණ සහල්…

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ස්විස්ටර්ලන්ත තානාපතිනිය සමඟ සුහද හමුවක්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ ස්විස්ටර්ලන්තයේ මෙරට තානාපතිතුමිය වන සිරි වෝල්ට් (Siri Walt ) මහත්මිය අතර සුහද හමුවක් ඉකුත් 28 වැනිදා මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පැවත්විණි. මෙහිදී දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමේ අරමුණින් වැදගත් කරුණු රැසක් සාකච්ඡා…

තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

ලබන 4 වනදා තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහිදී රුපියල් මිලියන 192,500ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 58,500ක, දින 182කින් කල්පිරෙන…

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 68.37ක් ලෙස සටහන් වී ඇති අතර එය සියයට 0.53ක ඉහළ යාමක් ලෙසයි දැක්වෙන්නේ. එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 72.22ක් ලෙස සඳහන්…