Month December 2024

පීඩාවන්ගෙන් මිදුණු තරුණ පරම්පරාවක් බිහි කිරීමේ සැලසුම් සූදානම්

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය යටතේ පවතින ආයතන කිහිපයක නිරීක්ෂණ කටයුතු සඳහා ඊයේ  (11) දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර යන මහත්වරුන් එක්විය. එහිදී ජේ.ආර්. ජයවර්ධන…

ආනයනික පළමු සහල් තොගය වෙළඳපළට යයි

පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද පළමු සහල් තොගය ඊයේ (11) දිනයේ රේගුවෙන් මුදාහැරීමට කටයුතු කර තිබෙයි. ඉන් අනතුරුව එම සහල් තොග වෙළෙඳපොළට නිකුත් කර ඇත. ඊයේ දිනයේදී සහල් කිලෝ 75,000ක් රේගුවෙන් මුදාහැර ඇති බව වාර්තා වෙයි. රට තුළ පවතින…

රිලවුන් පන්නන බදුල්ලේ හනුමන්තා

බදුල්ල ස්ප්‍රිංවැල්ල ගම්මානය දැඩි සේ රිලා උවදුරට ලක්වූ ගම්මානයක් වුවත් හනුමන්තා මුහුණු පැළදීම නිසා සතුන්ගේ හානිය අවම වී ඇතැයි ගොවි ජනතාව පවසයි. නගරයේ වෙළදසැල් වල තිබෙන හනුමන්තාගේ මුහුණු පැළද කලු ඇදුමක් ඇද රිළවුන් ඉදිරියට ගිය විට සතුන් බියේ පළායන බව…

යාපනය කැළඹූ උණ රෝගය ගැන හඳුනා ගනියි

යාපනය රෝහලේදී පුද්ගලයන් 07 දෙනෙක් මිය යාමට හේතුව මී උණ බව තහවුරු වී තිබෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ අදාළ සාම්පල පරීක්ෂාවෙන් අනතුරුව මේ බව තහවුරු වූ බවයි. උණ සහ හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් ගෙවුණු දින කිහිපය…

වගා හානි සඳහා ගොවීන්ට ලක්ෂයක වන්දියක්

ගොවීන්ට සිදු වූ වගා හානිය වෙනුවෙන් හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂයක පූර්ණ වන්දි මුදලක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ප්‍රකාශ කළේය. වගා බිම් සකස්කර ගැනීම සඳහා ගොවි ජනතාව වෙත ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයනවල සහය…

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් අද බැංකු ගිණුම් වෙත

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මේ මාසයට අදාළ දීමනාව අද (12) සිය බැංකු ගිණුම්වලට බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. ඔවුන් සඳහන් කළේ ප්‍රතිලාභීන් 177,311කගේ ගිණුම්වලට අදාළ මුදල් බැර කරන බවයි. එමෙන්ම ඒ සඳහා රුපියල් කෝටි 1,100කට අධික මුදලක් වෙන් කර තිබෙයි.

සජබ ජාතික ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර නම් කෙරේ

සමගි ජන බලවේගයේ පුරප්පාඩු වී තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04 නම් කර තිබේ. මේ අනුව මනෝ ගනේෂන්, නිසාම් කාරියප්පර්, සුජීව සේනසිංහ, මොහොමඩ් ඉස්මයිල් යන අය ඊට ඇතුළත්  කර තිබෙයි.

මහ­ජන සේවාව සප­යන පිරිස් මහ­ජ­න­තාව සමඟ මානු­ෂී­යව ගනු­දෙනු කළ යුතුයි-අග­මැ­තිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය

පාසල් දරු­වන්ගේ යහ­පත මූලික කර­ගත් දත්ත මත පද­නම්ව ප්‍රති­පත්ති සැක­සීම සහ තීන්දු තීරණ ගැනී­මට කට­යුතු කළ යුතු බවත්, මහ­ජන සේවාව සප­යන පිරි­සක් ලෙස නිල­ධා­රීන් මහ­ජ­න­තාව සමඟ මානු­ෂී­යව ගනු­දෙනු කළ යුතු බවත් අග­මැ­තිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙ‍ෙණ­විය පැව­සු­වාය. “පව­තින අධ්‍යා­පන ක්‍රමය…

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානා­පති කථා­නා­යක හමු­ වෙයි

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) තානා­පති Khaled Nasser AlAmeri මහතා හා කථා­නා­යක (ආචාර්ය) අසෝක රන්වල මහතා අතර හමු­වක් පසු­ගි­යදා පාර්ලි­මේ­න්තු­වේදී පැවැ­ත්විණි. 2025 පෙබ­ර­වාරි මාස­යේදී පැවැ­ත්වී­මට නිය­මිත ලෝක රාජ්‍ය සමු­ළුව (WGS) ඇම­තී­මට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනා­ධි­ප­ති­ව­රයා මෙරට ජනා­ධි­පති…

නාවික හමු­දා­පති හා ආර­ක්‍ෂක නියෝජ්‍ය ඇමැති අතර හමු­වක්

නාවික හමු­දා­පති වයිස් අද්මි­රාල් ප්‍රියන්ත පෙරේරා මහතා පෙරේදා (10) ආර­ක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යා­ල­යේදී, ආර­ක්‍ෂක නියෝජ්‍ය ඇමැති මේජර් ජෙන­රාල් අරුණ ජය­සේ­කර (විශ්‍රා­මික) මහතා හමු­විය. මේ නිල හමු­වේදී, ජාතික ආර­ක්‍ෂාව හා සම්බන්ධ වැද­ගත් කරුණු පිළි­බ­ඳව නාවික හමු­දා­ප­ති­ව­රයා සහ ආර­ක්‍ෂක නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා අතර…