Month December 2024

ජනපති අද ඉන්දියාවට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තම පළමු නිල සංචාරය සඳහා අද (15) ඉන්දියාව බලා පිටත් වේ. එහිදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් 3ක් අත්සන් කිරීමට නියමිතය. මෙරට ආර්ථික වර්ධනයට එම ගිවිසුම් හරහා සුවිශේෂී දායකත්වයක් ලැබෙනු ඇත. එම ගිවිසුම්වලට අමතරව ඉන්දියාව විසින්…

ස්ථාවර තැන්පතු හිමියන්ටත් අස්වැසුම දීලා

බැංකුවල ස්ථාවර තැන්පතු ඇති පිරිස් පවා අස්වැසුම සමාජ සුබසාධන ලබා ගන්නා බව වාර්තා වී ඇත. විශේෂයෙන්ම දකුණු පළාතේ ඇතැම් අස්වැසුම ප්‍රතිලාභීන්ට අස්වැසුම ආධාර මුදල් ලැබෙන බැංකුවේම ස්ථාවර තැන්පතු ගිණුම් තිබෙන බවට වාර්තා වී තිබේ. දකුණු පළාත් මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු…

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු නිවේදන

දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානයේ ශ්‍රේෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසුවේ මෙම නිවේදනය අද (14) පස්වරු 6.00 දක්වා ක්‍රියාත්මක බවය. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ…

දිවයින පුරා සහල් සම්බන්ධ වැටලීම් තවදුරටත්

දිවයින පුරා සහල් සම්බන්ධව වැටලීම් තවදුරටත් සිදු කෙරෙමින් පවතින බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. එහි අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ ඊයේ (14) දිවයින පුරා වැටලීම් 75ක් පමණ සිදුකළ බවයි. ඉදිරියේදී ද සති අන්තයේ සහ නිවාඩු දිනවලදී වැටලීම් කරන ලෙස අදාළ…

වසරේ ගතවූ කාලය තුළ පැමිණි සංචාරකයින් ගණන මෙන්න

මේ වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින් මිලියන 1.9 කට ආසන්න සංඛ්‍යාවක් දිවයින්ට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරයි. එහි සභාපති බුද්ධික හේවාවසම් මහතා සඳහන් කලේ දෙසැම්බර් මාසයේ දී පමණක් 90,000කට අධික ප්‍රමාණයක් පැමිණ ඇති බවය. එමෙන්ම දෙසැම්බර් මාසය…

ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන්

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කළ බව මුදල් අමාත්‍යංශය සදහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය දැනුම් දෙන්නේ ස්වෛරී බැඳුම්කර හිමියන්ගෙන් 98%ක් බැඳුම්කර හුමවාරුව සඳහා කැමැත්ත පළ කර ඇති බවයි. දැනට පවතින බැඳුම්කර සඳහා නව බැඳුම්කර…

ඉන්දීය මහකොමසාරිස් සහ අගමැතිනිය අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් Santosh Jha මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණ. මෙම හමුව අසල්වැසි රටවල් දෙක අතර දිගුකාලීන මිත්‍රත්වය සහ උපායමාර්ගික හවුල්කාරිත්වය තහවුරු කරන්නක් විය. දැනට සංවර්ධනයේ විවිධ අදියරවල පවතින ද්විපාර්ශ්වික…

උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

මෙම වසර අවසාන පොහෝ දිනය හෙවත් උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදට(14) යෙදී තිබේ. ලොව පුරා බෞද්ධයන් මහත් ශ්‍රද්ධාවෙන් සමරන උඳුවප් පොහොය ශාසනික වශයෙන් ඉතා වැදගත් පොහෝ දිනයකි. සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ දින හතක මහුදු තරණයකින් පසු ජය ශ්‍රී මහා…

ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ දැක්වේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්…

මෙවර ශ්‍රී පාද වන්දනා සමය අදින් ඇරඹෙයි

මෙවර ශ්‍රී පාද වන්දනා සමය අදින්(14)ආරම්භ වේ. එලෙස ආරම්භ වන වන්දනා සමය ලබන වසරේ මැඳින් පුන් පෝය දිනයෙන් නිමාවට පත්වනු ඇත. වන්දනා සමයේ දී නල්ලතන්නිය – ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණෙන දෙස් විදෙස් වන්දනාකරුවන්ට අවශ්‍ය පොදු පහසුකම් සැපයීමේදී…