Month December 2024

හැටන් මාරක අනතුරේ රියැදුරා බසය පැදෙව්වේ තනි අතින් / දුරකතනයත් කනේ ගහන්-බසයේ CCTV දත්ත මකා දාලා

රියැදුරු අසුනට යාබදව ඇති පැති දොර එකවරම විවෘත වීම හේතුවෙන් එය වැසීමට රියැදුරු උත්සාහ ගන්නා විට වේගයෙන් ධාවනය වෙමින් තිබුණු හැටන් සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබුණු මගී බස් රථය හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක් පමණ…

බස්නාහිර පාසල් ගුරුවරුන්ට තහංචියක්

බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට අදාළව සීමා පනවමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ අනුව, බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන් තම පාසලේ සිසුන් සදහා පාසල් කාලය තුළ දී මුදල් අය කරමින් පෞද්ගලික පන්තිවල ඉගැන්වීම තහනම්…

හාල් ඉඩෝරය ඉවරයි

මෙරට කෘත්‍රිම ලෙස ඇති කරන ලද සහල් හිඟයට පිළියමක් ලෙසින් රජය විසින් සහල් ආනයනයට අවකාශ සැලසීමෙන් පසු පිටකොටුව තොග වෙළෙඳපොළට ලැබුණු ප්‍රථම ආනයනික සහල් තොගය පසුගිය බදාදා ගෙන එන ලදි. මෙම සහල් තොග කන්ටේනර් වශයෙන් කොළඹ පස්වෙනි හරස් වීදියට රැගෙන…

වසරේ ගත වූ කාලය තුළ 47,000 ඉක්මවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක්

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 47,599 දෙනෙකු වාර්තාවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 20,519කි. එහිදි කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 12,030 දෙනෙකු වාර්තා වී තිබේ.…

රට තුළ ලුණු හිඟයක් නෑ-කාලගුණය නිසා නිෂ්පාදනය අඩු වුණා – ලුණු නිෂ්පාදකයෝ කියති

රට තුළ ලුණු හිඟයක් ඇති වීමේ ඉඩක් නොමැති බැවින් ලුණු තොග තබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගනක අමරසිංහ පැවැසීය. ලුණු නිෂ්පාදනයට දින 45ක වියළි කාලගුණික තත්ත්වයක් තිබිය යුතු නමුත් පසුගිය කාලයේ පැවති වැසි සහ සුළි සුළං…

දිස්ත්‍රික්ක කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත්  සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිව්දනය කරයි. උතුරු සහ වයඹ පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය…

Fitch ශ්‍රී ලංකාව ‘CCC+’ දක්වා උසස් කරයි

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ෆිච් රේටින් සමාගම(Fitch Ratings) පවසයි. ඒ අනුව දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම CCC සෘණ මට්ටමේ සිට CCC ධන මට්ටම දක්වා අදාළ උසස් වීම ලබා දී ඇති බව සඳහන්ය.…

හැටන් – මහනුවර මාර්ගයේ සිදු වූ බස් අනතුරින් 03 ක් මරුට

හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ අද (21) පෙරවරුවේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් සිදු වූ අනතුරෙන් මේ වනවිට තිදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. හැටන් සිට මහනුවර බලා ගමන්ගත් මෙම පෞද්ගලික බස් රථය මල්ලවාප්පු ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට ගොස් තේ වත්තකට පෙරළීමෙන්…

ජනාධිපති මාධ්‍ය අංශයේ රු. ලක්ෂ 1420ක භාණ්ඩ අතුරුදන්

ජනාධිපති මාධ්‍ය අංශයේ භාවිතය වෙනුවෙන් ලබාගත් ලක්ෂ 1420ක කැමරා උපකරණ, ලැප්ටොප් පරිගණක ඇතුළු මාධ්‍ය උපකරණ රැසක් යළි මාධ්‍ය අංශයට ලබා දී නොමැති බව ජාතික විගණන කාර්යාලය විසින් අනාවරණය කර ගෙන ඇත. 2015 වර්ෂයේ සිට 2020 දක්වා වූ කාලය තුළ එලෙස…

මේ කෙටි කාලය තුළ ආණ්ඩුවේ වැඩ හොදයිලු – බ්‍රිතාන්‍යයෙන් ක්‍රෙඩිට් එකක්

බලයට පත්ව කෙටි කාලයක් තුළ ආණ්ඩුව ආර්ථික ස්ථායීකරණය සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පැසසිය යුතු බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ රට නිවැරැදි ආර්ථික දිශානතියක ගමන් කරමින් සිටින බව නීරීක්ෂණය වන බවයි. මහකොමසාරිස්වරයා මේ…