Month December 2024

අයහපත් කාලගුණයෙන් නැවතුණු උසස් පෙළ අද සිට යළි ඇරඹෙයි

අයහපත් කාලගුණය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ උසස් පෙළ විභාගය අද (04) සිට යළි ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි පසුගිය 25 වැනිදා ඇරඹුණු උසස් පෙළ විභාගය අධික වර්ෂාව හේතුවෙන් 27 වැනිදා තාවකාලිකව නතර කිරීමට තිරණය කෙරිණි. ඒ අනුව යළිත්…

රූබික් කැට 1200න් හැදූ ජනපති රුව – ලෝක වාර්තාවකුත් තියයි

සස්නුල සෙහන්ස ලක්මාල් සිසුවා විසින් රූබික් කැට 1200 ක් යොදා ගනිමින් පැය 3යි මිනිත්තු 13 යි තත්පර 7 ක කාලයක් තුළදී ,ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව නිර්මාණය කර ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. මේ දරුවා ශ්‍රී ලංකා යුද්ධ…

කොළඹ සරවියේ ජනමාධ්‍ය පීඨය ලෙස ශ්‍රී පාලි මණ්ඩපය ගැසට් කෙරේ

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය එම විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පීඨය බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. අධ්‍යාපන  විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව, ජනමාධ්‍ය අධ්‍යන අංශය, භාෂා…

එළවළු තොග මිල පහළට

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ඉකුත් දින කිහිපයට සාපේක්ෂව ඊයේ (03) බෝංචි හැර අනෙකුත් එළවළු වර්ගවල තොග මිල පහත වැටී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ නියෝජිතයෝ පවසති. දඹුල්ල ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ ඊයේ (03) උදෑසන බෝංචි කිලෝවක තොග මිල රුපියල් 650ත් –…

අද දවසේ කාලගුණය

මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින…

අමාත්‍ය මණ්ඩල තීරණ

ඇතැම් අධි සුඛෝපභෝගි වාහන රජයේ භාවිතයෙන් ඉවත් කිරීම රාජ්‍ය ආයතනවල භාවිත වන ඇතැම් අධි සුඛෝපභෝගි වාහනවල නඩත්තු හා ඉන්ධන සඳහා වැය වන අධික පිරිවැය සැලකිල්ලට ගෙන, එවැනි අධි සුඛෝපභෝගි වාහන අපහරණය කිරීම ආර්ථිකව වඩාත් ඵලදායි වන බව පෙනී ගොස් ඇත.…

පුංචි ඡන්දෙට අලුතින් නාමයෝජනා

2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාමයෝජනා ආපසු කැඳවීම සහ නව නාමයෝජනා කැඳවීම සඳහා විධිවිධාන සැලසීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.‍ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති…

පොලීසියේ ලොකු පුටු 54කට ස්ථාන මාරු

නියෝජ්‍ය පොලිස්පතිවරු 05 දෙනකුට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියන් සිවුදෙනකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 35 දෙනකුට පොලිස් අධිකාරිවරු 07 දෙනකුට සහ සහකාර පොලිස් අධිකාරීවරු 07 දෙනකුට ජාතික පොලිස් කොමිෂන් සභාව මඟින් ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. මෙම ස්ථාන මාරුවීම් ලැබ සිටින නිලධාරීන්…

පොලිස් මුල් පුටුවලට කාන්තාවෝ හතරක්

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ධුරයටත් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ අණ දෙන නිලධාරියා ලෙසත් පොලීසියේ නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ (SIU) අධ්‍යක්ෂ ලෙසත් කාන්තා නිලධාරිනියන් තිදෙනකු පත්කර තිබේ. ඒ අනුව අපරාධ…

සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ජෙනරාල් මහේෂ් සේනානායකට දෙන්න-දිවිදෙන රණවිරු බලවේගයෙන් විපක්ෂ නායකට ඉල්ලීමක්

සමගි ජන බලවේගය පක්ෂයේ දිවිදෙන රණවිරු බලවේගයේ නායක, හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතාට එම පක්ෂයේ ජාතික ලැයිස්තූ මන්ත්‍රී ධුරයක් දෙන ලෙසට එම බලවේගයේ දිස්ත්‍රික් සංවිධායකවරුන් විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කොට ඇති බව එහි අනුරාධපුර දිස්ත්‍රික්…