සර්ව ජනබල පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් නායකත්වය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා වෙත හිමිවිය. උතුරුමැද පළාත් හිටපු මහ ඇමැතිවරයකු වූ ඒ මහතා හිටපු කැබිනට් ඇමැතිවරයකු වන එස්.එම්.චන්ද්‍රසේන මහතාගේ සහෝදරයායි.
සර්ව ජනබල පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා විසින් එම පක්ෂයේ මූලස්ථාන කාර්යාලයේදී රංජිත් සමරකෝන් මහතා වෙත අදාළ පත්වීම් ලිපිය ප්රදානය කරන ලදි.
උතුරුමැද පළාත් සභාවේ හිටපු ඇමැති සුසිල් ගුණරත්න, උතුරුමැද පළාත් සභාවේ හිටපු සභාපති ටී.එම්.ආර්.සිරිපාල, හිටපු පළාත් සභා මන්ත්‍රී උපාලි විජේකෝන් මහත්වරුන් ද දිලිත් ජයවීර මහතාගේ පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබුණි. හිටපු කැබිනට් ඇමැතිවරුන් වන එස්.එම්.චන්ද්‍රසේන, රොෂාන් රණසිංහ මහත්වරු ද මෙහි සිටිති.