ලබන වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දින ප්‍රකාශයට පත් කෙරේ.
විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස් මහතාගේ අත්සනින් නිකුත් කළ චක්‍රලේඛයකින් එම දින ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව ජනවාරි, පෙබරවාරි, මාර්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවල විශ්‍රාම වැටුප් 10 වැනිදාට ලබාදෙයි. අප්‍රේල්, මැයි, ජුනි හා ජූලි යන මාසවල විශ්‍රාම වැටුප් ගෙවනු ලබන්නේ 9 වැනිදාය.
අගෝස්තු මාසයේ පමණක් 7 වැනිදා ගෙවීම් කරන බව අදාළ චක්‍රලේඛයේ සඳහන් වේ.