අභාවප්‍රාප්ත ඉන්දියාවේ හිටපු අගමැති මන්මෝහන් සිං ගේ දේහය පිළිබද අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද(28) පෙරවරුවේ සිදු කෙරේ.
නවදිල්ලියේ නිගම්බෝද් ගාට්හිදී ඉන්දීය වේලාවෙන් අද පෙරවරු 11.45 ට දේහය ආදාහනය කිරීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ආචාර්ය සිංගේ දේහය රැගත් මල් වලින් සරසා ඇති අවමංගල්‍ය රථය කොන්ග්රස් මූලස්ථානයෙන් පෙරහැරකින් පිටත් වූයේ “මන්මෝහන් සිං අමර් රහේ” නැමැති ජනතා ඝෝෂා මධ්‍යයේය. හිටපු කොංග්රස් ප්‍රධානී සහ ලෝක් සභාවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධි ද ආචාර්ය සිංගේ ඥාතීන් සමඟ අවමංගල්‍ය පෙරහැරේ ගමන් ගන්නා ආකාරය ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.
මේ අතර හිටපු අගමැති දිවංගත ආචාර්ය මන්මෝහන් සිං වෙනුවෙන් ස්මාරකයක් සඳහා ඉඩක් වෙන් කිරීමට රජය තීරණය කර ඇති බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය (MHA) සිකුරාදා ප්‍රකාශ කළේය.
අනූ දෙහැවිරිදි වියෙහි පසු වූ හිටපු ඉන්දීය අගමැතිවරයා දෙසැම්බර් 26වැනිදා අභාවප්‍රාප්ත විය.
ලොව පුරා රාජ්‍ය නායකයින් මන්මෝහන් සිං අභාවය සම්බන්ධයෙන් සොව පළකරමින් සිටින අතර හිටපු අග්‍රාමාත්‍යවරයාට ගෞරව දැක්වීමක් ලෙස ඉන්දීය රජය දින හතක රාජ්‍ය ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.