ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 38 (නීති) හා 39 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරින් දහසය (16) දෙනෙකු සහ සේවා ප්‍රවේශ අපේක්ෂකයින් දහතුන් (13) දෙනෙකු විසිර යාම හා අධිකාරියට පත් කිරීම සිදු කෙරේ.
ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ ආරාධනයෙන්, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(28) එය සිදු කෙරිණි.
නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු රොහාන් ජෝෂප් ගේ අධීක්ෂණයෙන් සංවිධානය කෙරුණු මෙම අභිමානවත් අධිකාරියට පත්කිරීමේ උත්සවයේදී, පුහුණුවීම් කාල සීමාව තුළ විශිෂ්ඨ දක්ෂතා දැක්වූ මධ්‍ය නිලධාරීන් හට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විසින් එහිදී විශේෂ සම්මාන ප්රදානය කෙරිණි.
ඒ අනුව, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 39 වන බඳවා ගැනීමේ විශිෂ්ඨතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත, සියළු විෂයයන්ගෙන් වැඩිම ලකුණු ලබාගැනීම සහ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය, මධ්‍ය නිලධාරි බීඩීඑන් ද සිල්වා විසින් ද, වෘත්තීය විෂයයන්ගෙන් වැඩිම ලකුණු ලබාගැනීම සඳහා වන සම්මානය, මධ්‍ය නිලධාරී ඩීඒසීවී ගුණවර්ධන විසින් සහ හොඳම ඉලක්කකරුට හිමි සම්මානය, මධ්‍ය නිලධාරී වීආර් ගණේගොඩ විසින්ද ප්‍රධාන ආරාධිත අමුත්තා වෙතින් හිමි කර ගන්නා ලදී.
එමෙන්ම, 01/2023 සේවා ප්‍රවේශ බඳවාගැනීමේ විශිෂ්ඨතම අපේක්ෂකයාට හිමි සම්මානනීය අසිපත, සියළු විෂයයන්ගෙන් වැඩිම ලකුණු ලබාගැනීම මෙන්ම, හොඳම ඉලක්කකරුට හිමි සම්මානය ආර්ඩීඑස් ප්‍රසන්න විසින්ද, දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය බී දිව්‍යාන්ජලී විසින්ද හිමි කර ගන්නා ලදී.
ඒහිදී අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් තුමන්, ප්‍රථමයෙන් අධිකාරියට පත් නිලධාරීන් වෙත සුභපැතුම් පිරිනමා, වෘත්තීය නිපුණ හමුදා නිලධාරීන් ලෙස පුහුණුව ලබා ශ්‍රී ලංකාවේ සාඩම්බර හමුදා පවුලට සහ අභිමානවත් නාවික හමුදාවේ සාමාජිකයන් වශයෙන් එක්වන අවස්ථාව වෙත ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට හැකිවීම භාග්‍යක් කොට සලකන බව ප්‍රකාශ කරන ලදී.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමන්, රටක සන්නද්ධ හමුදා එරට ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය සුරැකීමේ අභියෝගය ඉටු කිරීම සඳහා වගකීමෙන් බැඳී සිටින බවත්, ඒ අතුරින් මුහුදේ ආරක්ෂාව සඳහා ප්රමුඛ වගකීමක් ‘රටවට බැඳි රන්වැට ලෙස’ සැලකෙන නාවික හමුදාව වෙත පැවරෙන බවත් පවසන ලදී. දශක තුනකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදයෙන් මව් බිම නිදහස් කරගැනීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් හා රණක්ෂිතයට පත්වෙමින් තම යුතුකම ඉටු කළ වීරෝධාර නාවික හමුදා රණවිරුවන් ගෞරවයෙන් සිහිපත් කළ එතුමන්, දූපත් රාජ්‍යක් ලෙස ශ්‍රී ලංකාවට අයත් විශාල සාගර කලාපයක ආරක්ෂාව සම්බන්ධයෙන් නාවික හමුදාවට විශේෂ වගකීමක් පැවරෙන බවත් පවසන ලදී. අධිකාරියට පත් වන නිලධාරීන්ගේ භූමිකාව ජාත්‍යන්තරය දක්වා දිවයන බව පැවසූ ආරක්ෂක ලේකම් තුමන්, එතුළින් මව්බිම වෙත ජාත්‍යන්තරය වෙතින් කීර්තියක් ගෙනදීමට අවස්ථාවක් උදාවනු ඇති බවත්, එවන් වූ අභිමානවත් නාවික හමුදා නිලධාරියෙක් ලෙස අධිකාරියට පත්වීම සඳහා දිරිමත් කළ අධිකාරියට පත් නිලධාරීන් ගේ දෙමව්පියන් වෙතද සිය කෘතවේදීත්වය පලකර සිටින බවත් පවසන ලදී.
අතිගරු ජනාධිපති තුමන් වෙතින් අධිකාරිය ලබාගැනීම ඉතාමත් දුර්ලභ අවස්ථාවක් බව පැවසූ ආරක්ෂක ලේකම් තුමන්, දුෂ්කර පුහුණුවක් සාර්ථකව අවසන් කළ ආකාරයටම ඉදිරියේදී වැඩිදුර පුහුණුවීම සඳහා ලැබෙන අවස්ථා වෙතින් උපරිම ප්‍රයෝජනය ගන්නා ලෙසත්, ඉදිරියේදී රජය විසින් සන්නද්ධ හමුදා හැකියාවන්ගෙන් හා තාක්ෂණයෙන් නවීකරණය කිරීමට කටයුතු කරමින් සිටින බවත්, ඒ සඳහා ඉතා ඉහළ සුදුසුකම් සහිත වෘත්තීය නිපුණ පිරිස් බලයක් පවත්වාගෙන යන බවත් පවසන ලදී.
තවද, අධිකාරියට පත් නිලධාරීන් පුහුණු කිරීම සඳහා කැපවූ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති ඇතුළු පුහුණු කාර්යය මණ්ඩලය වෙත සහ ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති ඇතුළු පුහුණු කාර්යය මණ්ඩලයේ කැපවීම අගය කිරීමටද ආරක්ෂක ලේකම් තුමන් විසින් එහිදී කටයුතු කෙරිණි.
නාවික හමුදා සංස්කෘතික කණ්ඩායම සහ නාවික හමුදා වාද්‍ය වෘන්දය විසින් ඉදිරිපත් කරන ලද විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශනයකින් මෙන්ම ආධුනික නාවිකයන්ගේ සරඹ සංදර්ශනයකින් අනතුරුව, නාවික සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කෙරුණු හිරු අස්ථවිය චාරිත්‍රයත් සමඟින් නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ උළෙල නිමාවට පත්විය.
මෙම අධිකාරියට පත් කිරීමේ උත්සවය සඳහා; විදෙස් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ මැතිණිය, වෛද්‍ය රසිකා පෙරේරා මැතිණිය, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණිය, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කාංචන බානගොඩ, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ඇතුළු නාවික හමුදා විධාන ආඥාපතිවරුන්, අධ්යක්ෂ ජෙනරාල්වරුන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, ධජ නිලධාරීන්, නාවික හමුදා මූලස්ථානයේ මෙන්ම නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ නිලධාරින්, ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, සම්භාවනිය අමුත්තන් සහ විසිර යන නිලධාරීන්ගේ දෙමව්පියන් පිරිසක් සහභාගී වී සිටියහ.