කෝටි 15ක කොකේන් සමග විදෙස් කතක් අල්ලයි

ඝානාවේ සිට මෙරටට පැමිණි විදෙස් ජාතික කාන්තාවක් රුපියල් කෝටි 15කට ආසන්න වටිනාකමක් කොකේන් මත්ද්‍රව්‍ය සමග කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දකුණු අප්‍රිකානු ජාතික කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය සතුව තිබී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 68ක තොගයක් රේගු භාරයට ගෙන ඇති බව සඳහන්.

සැකකාරිය 41 හැවිරිදි වියේ පසුවනවා.

ඇය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දීමට නියමිතයි.