අඩු ආදායම්ලාභීන්ගේ නිවාස සිහිනය සැබෑ වෙයි

චීන රජයෙන් ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා

ඒ අනුව, මහජන චීන සමූහ ආණ්ඩුවේ ප්‍රදානයක් ලෙස නිවාස ඒකක 1888ක් ඉදිකිරීමට නියමිතයි

මේ සඳහා රුපියල් බිලියන 22 ක මූල්‍ය ආධාර ලබා දෙන අතර පළමු අදියර යටතේ ව්‍යාපෘතිය මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේදී නිවාස 575ක් ද කොට්ටාව ප්‍රදේශයේ කලා කරුවන් වෙනුවෙන් නිවාස ඒකක 108ක්ද ඉදි කිරීමට යෝජිතයි

එහි දෙවන අදියර ලෙස දෙමටගොඩ ව්‍යාපෘතිය නිවාස 586ක් සහ මහරගම ව්‍යාපෘතියෙන් නිවාස 112ක් ඉදි කෙරෙනවා

මෙහි තෙවන අදියරේ දී පෑලියගොඩ ප්‍රදේශයේ නිවාස 615ක් ඉදි කිරීමටයි සැලසුම් කර ඇත්තේ

ඒ අනුව තෝරාගත් ස්ථාන 5ක ආරම්භ වන මෙම නිවාස ව්‍යාපෘතිය මාස 36කින් සාදා නිම කිරීමට නියමිතව තිබෙනවා

ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින සමීප සහ කල්පවත්නා සබඳතා පිළිබිඹු කරමින් අඩු ආදායම්ලාබී පවුල්වල ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි