ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය අයිතිවාසිකම් (SRHR), සයිබර් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් ප්රචණ්ඩත්වය ( CCBV) මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලවල සැලකිය යුතු අභියෝග මතු කරයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කාමන් එස්. වික්රමගමගේ මහත්මිය සඳහන් කළ ආකාරයට සයිබර් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් ප්රචණ්ඩත්වය පිළිබඳව තරමක් සාකච්ඡා වී ඇතත් ඒ පිළිබඳව ඇත්තේ අඩු පිළිගැනීමකි. එකී රික්තකයට විසඳුම් සෙවීමට මාධ්‍ය හා තොරතුරු සාක්ෂණතා පිළිබඳ මධ්‍යස්ථානය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමඟ ඒකාබද්ධව සිදු කරන ලද ‘එලිවේට්’ ව්‍යාපෘතිය මේ සඳහා ඉදිරිපත් වී ඇත. මේ වැඩමුළුවේදී ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිකම් යන මාතෘකාව පිළිබඳ විශේෂ දේශනයක් පවත්වා එහි වැදගත්කම අවධාරණය කර තිබේ. ශ්‍රී ලාංකේය රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් පනස්දෙනකු මේ සඳහා දායක කරගෙන ඇති අතර, දින පහක වැඩමුළුවක් හරහා ඔවුන්ට ප්‍රාමාණික දැනුමක් දීමට ආයතනය කටයුතු කර ඇත. ලිංගිකත්වය හා ප්‍රජනන සෞඛ්‍ය ගැටලු, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය ආදී කරුණු පාදක කර ගනිමින් ඔවුන්ගේ අදහස් සහ අත්දැකීම් ඔස්සේ කෙටි චිත්‍රපට 25ක් මෙහිදී නිර්මාණය කර ඇත.
විශ්වවිද්‍යාලයීය සිසුවියන් මුහුණදෙන ආර්තව දරිද්‍රතාව, ආර්තව අපකීර්තිය, ආරක්ෂිත ගබ්සා කිරීම් වැනි සිදුවීම්, බලහත්කාරී මෙන්ම අනාරක්ෂිත ලිංගික සංසර්ගය, අනවශ්‍ය ගැබ් ගැනීම්, සමීප සහකරු ප්රචණ්ඩත්වය සහ සයිබර් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් ප්රචණ්ඩත්වය ආදිය පිළිබඳව මේ වැඩමුළුවේදී පුළුල් ලෙස සාකච්ඡාව බඳුන් විය.
විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මෙන්ම නෛතිකමය රාමුව තුළ මෙවැනි ගැටලු පිළිබඳව මතුව ඇති හිඩැස් පිළිබඳව මේ වැඩමුළුවේදී අවධානයට ලක්වූ අතර, ඒ සඳහා නව නීති රීති හා ක්‍රියාමාර්ග සම්පාදනය වීමේ වැදගත්කම විශ්වවිද්‍යාල සිසුවියන් අතරින් මතුවූ වැදගත් කරුණකි. මේ වැඩසටහනේදී ඔවුන්ගේ ස්මාර්ට් ෆෝන් භාවිත කරමින් කෙටි චිත්‍රපට සෑදීමට පුහුණුවක් දුන් අතර, එහිදී කතන්දර අදහස් සංකල්පගත කිරීමේ සිට අවසාන නිර්මාණය එළිදැක්වීම දක්වා සමස්ත ක්‍රියාවලිය පිළිබඳව පුළුල් අවබෝධයක් දීමට කටයුතු කරන ලදී.
කොළඹ විශ්වවිද්‍යාලයේ විශේෂ අවශ්‍යතා ඇති සිසුවියක වන දිල්ශානි රන්දිමා සඳහන් කරන ආකාරයට ස්ත්‍රී පුරුෂභාවය පාදක කර ගත් ප්රචණ්ඩත්වය බොහෝ කාන්තාවන් මුහුණ දෙන ගැටලුවකි. “විශ්වවිද්‍යාලයක් ඇතුළේ විතරක් නෙමෙයි, බස් එකේ යනකොට, පාරෙ යනකොට ගොඩක් වෙලාවට අපට දැනෙන්නෙ හරිම අනාරක්ෂිත බවක්. ඇත්තටම විශේෂ අවශ්‍යතා තියන අපටත් නිදහසේ ජීවත් වෙන්නත් අයිතිවාසිකමක් තියෙනවා. ඒත් ඒ ගැන කියන්න අපි බයයි.” මෙවන් ගැටලුවලට කාන්තාවන් පමණක් නොව වෙනස් ලිංගිකත්වයන් ඇති පුද්ගලයන්, කුඩා දරුවන්, ආබාධිත ප්‍රජාව ආදිය වැඩි වශයෙන් මුහුණ දෙයි. මෙවන් ගැටලු පිළිබඳව ආමන්ත්‍රණය කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයේ දිල්ශානි රන්දිමා සහ නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ ප්රමෝද්යා සිරිවර්ධන යන අධ්යක්ෂවරියන් දෙදෙනා කෙටි චිත්‍රපටයක් නිර්මාණය කර ඇති අතර, ඒ හරහා ඔවුන් ඇස් නොපෙනෙන තරුණියක් ගැබ් ගැනීම සහ එහිදී ඇයට එල්ලවන බලපෑම පිළිබඳව සාකච්ඡාවට බඳුන් කර ඇත.
කෙටි චිත්‍රපට වැනි සන්නිවේදන මාධ්‍යයක් හරහා සංවේදී මාතෘකා ආමන්ත්‍රණය කිරීමෙන් ප්‍රතිපත්ති සම්පාදනයට නිසි බලධාරීන් දැනුම්වත් කිරීම සහ ඒ තුළින් අනාගත ගැටලුවලට විසඳුම් සෙවීමට ඇති හැකියාව පෙන්නුම් කර ඇත.